මේ ලක්ෂණ 11 තියෙනවා නම් ඔබත් පිලිකා අවදානමක (video)

පිලිකාව නැත්නම් cancer කියන නම අහනකොටත් අපිට බය හිතෙනවා නේද. නමුත් බය වෙන්න එපා. පිලිකාව කියන්නේ භයානක රෝගයක් වගේම කලින් හදුනාගත්තොත් හොක කල හැකි රෝගයක්. ඉතින් අද කටුසටහනින් අපි කතාකරන්නේ පිලිකාව කල්තියා හදුනාගත හැකි ලක්ෂණ 11 ගැන.

Video එක මෙතනින් බලන්න


1. ඉක්මනින් මහන්සි දැනීම
හොදට වැඩ කරන් හිටපු කෙනෙක්ට ලගකදි ඉදන් ඉක්මනින් මහන්සි දැනෙනවා නම් ඔබට පිලකාව හො වෙනත් රෝගයක් හැදීමේ මුලික ලක්ෂණ පෙන්නුම් කරනවා. මහ බඩවැලේ පිලිකා හො ලියුකේමියාව වැනි පිලිකා වැලදීමට පෙර මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවලු. ඉක්මනින්ම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක වටිනවා.

2. ඉක්මනින් බර අඩුවීම
හිතාගන්න බැරි විදියට ව්‍යායාමයක්වත් නොකර කෙනෙකුගේ බර අඩුවෙනවා නම් ඔබේ ශරීරයේ යමක් සිදුවෙමින් පවතිනවා. බොහො පිලිකා හැදෙන්න කලින් මේ තත්ත්වයට බොහෝ රෝගීන් මුහුණදී තිබේනවා.

3. නොනවතින වේදනාව
කිසිදු හේතුවක් නොමැතිව ශරීරයේ කොතනක හෝ වේදනාවක් දිගින් දිගටම ඇතිවෙනව නම් එයත් මුලික පිලිකා ලක්ෂණයක්. සමහරවිට වේදනාව සදහා සුලු ප්‍රතිකාර සිදු කලද අඩුවීමක් නොමැති නම් එය පිලිකාවක ලක්ෂණයක් වීමට පුලුවන්. එය බොහොවිට මොලයේ හො ගුද මාර්ගයේ හො ඩිම්බකෝෂයේ හො මහ බඩවැලේ පිලිකාවක් වන්නට පුලුවන්.

4. ශරීරයේ ඇතිවෙන අමුතු ගෙඩියක්
සමහර වෙලාවට හිටි ගමන් අමුතු ගෙඩි අපේ ශරීරයේ හට ගන්නවා. මෙවා හැම එකක්ම පිලිකාවක ලක්ෂණ නෙමෙයි. නමුත් අවදානයෙන් ඉන්න එකනම් ගොඩක් හොදයි. වෛද්‍යවරයකුට පෙන්වන එක වඩාත්ම හොදයි.

5. නිතර ඇතිවන උණ
පිලිකාවක් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරනවා නම් ඒ පද්ධතිය දුර්වල වෙනවා. එකේ ප්‍රතිඵලයක් විදිහට කිසිම හේතුවක් නැතුව උණ ගන්න පුලවන්. පිලකාවක අවසන් අදියරේ මෙසේ නිතර උණ ගන්නවා. නමුත් ලේ වල පිලිකා තත්වයක් ඇතිවෙනවා නම් මේ තත්වය මුලසිටම පෙන්වන බවයි වෛද්‍යවරුන්ගේ අදහස.

6. සමේ ඇතිවන වෙනස්කම්
චර්ම පිලිකාද අද බහුලව ඇතිවන පිලිකා විශේෂයක්. මේ පිලිකාවන් හදුනාගන්න නම් සමේ ඇතිවන වෙනස්කම් පිලිබද අවදානයෙන් ඉන්න සිදුවෙනවා. අසාමාන්‍ය ලෙස ඇතිවන ලප කැලැල්, ඉන්නන්, සම රතුවීම් හා සමෙන් ලේ ගැලීම් වැනි දේවල් ඇති වුනොත් වෛද්‍යවරයෙකුට පෙන්වන එක හොද දෙයක්.

7. නොවතින කැස්ස
දිගින් දිගටම නොනවතින කැස්සක් එනවා නම් ඒ සෙමට එන කැස්සක් කියලා නිකන් ඉන්න එපා. වෛද්‍යවරයකුට පෙන්වන්න. එවගේම කහින කොට පපුව හො පිට හො උරහිස් රිදෙනවා නම් අනිවාර්යයෙන් වෛද්‍යවරයකුට පෙන්විය යුතු වෙනවා.

8. පරිවෘත්තීය ක්‍රියාවලියේ වෙනස්වීමක්
හැම තිස්සෙම වැසිකිලියාමට අවශ්‍යතාවයක් මතු වෙනවා නම් ඒ ගැනත් අවදානය යොමු කල යුතුවෙනවා. පාචනය හා මලබද්ධය වැනි රෝගද මහ බඩවැලේ පිලිකා වල ලක්ෂණ පෙන්නුම් කරනවා. මුත්‍ර කරන විට වේදනාවක් ඇති වෙනවා නම් මුත්‍ර සමග ලේ පිටවනවා නම් එය පුරස්ථි පිලිකාවක ලක්ෂණයක් වන්නට පුලුවන්.

9. ලේ ගැලීම්
හේතුවක් නොමැතිව ලේ පිට වෙනවා නම් එයත් පිලිකාවක මුලික ලක්ෂණයක් වන්නට පුලුවන්. කහිනවිට ලේ පිට වනවා නම් හො මුත්‍රකරන විට හො ගුද මාර්ගයෙන් ලේ පිට වනවා නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න.

10. අහාර ගිලින විට අමාරුවක් දැනෙනවා නම්
ආහාර ගිලින විට අමාරුවක් දැනෙනවා නම් අහාර අජීර්ණයක් හැම තිස්සෙම පෙන්වනවා නම් එය බඩේ හො අන්නස්‍රෝතයේ හො උගුරේ පිලිකාවක් වන්නට පුලුවන්. මේ වගෙ රෝග ලක්ෂණ හැමවිටම පිලිකාවක ලක්ෂණ නොවන්න පුලුවන්. නමුත් වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබාගැනීම වටිනවා.

11. අනිකුත් ලක්ෂණ
වැඩියෙන්ම පෙන්වන ලක්ෂණ තමයි ඉස්සෙල්ලා ඔයාලට කිව්වේ. එවගේම කකුල් ඉදිමීම හො ශරීරයේ ඇතිවන සමහර වෙනස්කම් ගැනත් අවදානයෙන් ඉන්න.

මේ අපි කතාකරපු ලක්ෂණ අනිකුත් රෝග සදහාද පෙන්නුම් කරන්න පුලුවන්. නමුත් අපි කල්තියා වෛද්‍ය උපදෙස් ගත්තොත් පිලිකාව කියන්නේ සුව කල හැකි රෝගයක්. ඒ නිසාම මේ විඩියෝ එක යහලුවො අතරේ share කරලා යහලුවන්වත් දැනුම්වත් කරන්න.

මේවගේ වීඩියෝ හැමදාම බලන්න ඕනි නම් කටුසටහන් YouTube Channel එකට subscribe කරන්න. bell ලකුණ ඔබලා අලුත් වීඩියෝ upload කරපු සැනින් දැනගන්න. එහෙනම් අපි ගියා.

Comments