- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
ජපානය කියන්නේ ලෝකයේ වැඩිම ආයු අපේක්ෂාව තියෙන රට. ලංකාවේ එක් පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 72යි. ජපානයේදි එය අවුරුදු 84. ජපන් කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 90ක්. වයස අවුරුදු 100 ඉක්මවු වැඩිහිටියන් 400ක් පමණ ජපානයේ ඔකිනාවා දූපතේ ජිවත් වෙනවා. වයස අවුරුදු 105ක් වෙච්ච වෛද්‍ය ශිගීකි හිනොහරා කියන ආයුවර්ධනය කරන හොද පුරුදු 6ක් ගැන අද කටුසටහනින් විමසා බලමු.
1. මියයන තුරු වැඩ කරන්න.
වෛද්‍ය හිනොහරා කියන්නේ ඉක්මණින් විශ්‍රාම ගන්න එපා කියලා. පුලුවන් තරම් කාලයක් වැඩ කරන්නලු. එසේ වැඩකරන කොට ඔබට කායික හා මනසික ව්‍යායාමයක් ලැඛෙන බව මේ වෛද්‍යවරයා පවසනවා.
2. ඔබගේ බර ගැන අවදානයෙන් ඉන්න.
වෛද්‍ය ශිගීකි හිනොහරා දවසකට එක වේලක් පමණයි ආහාරයට ගන්නේ. ලංකාවේ අපිට නම් එහෙම ඉන්න අමාරුයි. එකට මේ වෛද්‍යවරයා අපුරු උපදෙසක් දෙනවා. රාත්‍රියට එලවලු සහා මාලු පමනක් ගැනීම ප්‍රමාණවත්. එ වගේම මස් ආහාරයට ගැනීම සතියට දෙවරක් සීමා කරන ලෙසත් ඔහු උපදෙස් දෙනවා.
3. සතුට වර්ධනය කරගන්න
හිතේ සතුට ඔබව දිගු කල් ජිවත් කරනවා. ඊර්ෂියාව ක්‍රෝධය හා වෛරයෙන් තොරව තමන්ට සතුටු විය හැකි දේවල් කරමින් ජිවත් වන ලෙස හිනොහරා පවසනවා.
4. ජිවිතය ඛෙදාගන්න
හිනොහරා කියන්නේ තමන් දන්න දේවල් අනිත් අයට කියලා දෙන්න කියලා. අනුන්ට පුලුවන් තරම් උදව් කරන්න. මේ දේවල් වලින් ඔබේ සිතේ බර සැහල්ලු වෙනවා.
5. භෞතික දේවල් අතහරින්න
භෞතික දේවල් වලට තියෙන තණ්හාව අතහරින්න. ඔබ ඉපදෙන කොට එවා රැගෙන ආවේද නැත. ඔබ මැරෙන කොට එවා රැගෙන යන්නේද නැත. මේ වෛද්‍ය හිනොහරාගේ උපදෙස්.
6. පඩිපෙල් භාවිතා කරන්න
කාර්යාල වල වැඩ කරන ඔබ බොහෝ විට විදුලි සෝපානයන් භාවිතා කරනවා ඇති. සමහරුන් එක තට්ටුවක් ගමන් කිරීමට වුවද සෝපානය භාවිතා කරනවා. නමුත් එසේ නොකර වැඩි යෙන් පඩි පෙල භාවිතා කරන ලෙස වෛද්‍යවරයා උපදෙස් දෙනවා. පඩිපෙල අපට ලබාදී ඇති හොදම ව්‍යායාම උපකරණයක් බව ඔහුගේ අදහසයි. වෛද්‍ය ශිගීකි හිනොහරා වරකට පඩි 2ක බැගින් තරණය කරනවලු. එමගින් ඔහුගේ පාද වල මාංෂ පේෂි ඉහිල් වී හොද ව්‍යායාමයක් ලබාදෙනවලු.
මේවගේ වීඩියෝස් හැමදාම බලන්න ඕනි නම් කටුසටහන් යූටියුබ් චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ සබ්ස්ක්‍රයිබ් බට්න් එකට එහායින් තියෙන සීනුව ලකුණ ඔබලා අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු සැනින් ඒ ගැන දැනගන්න.
katusatahan
Life improvement
Long Life
Methods
positive thinking
Sinhala
Sri Lanka
Tips
Tips for success
- Get link
- X
- Other Apps
Comments
Post a Comment