Game of Thrones Explained in Sinhala : දැනගත යුතුම දේවල්


වීඩියෝව බලන්න





Game of thrones කතාමාලාව ලෝකයේ හොදම රුපවාහිනි කතාමාලාව කියලා කිව්වොත් හරියට හරි. 2017 වසරේදි season 7 කතාමාලාව HBO නාලිකාව හරහා මිලියන 10කට අධික ප්රේක්ෂක පිරිසක් නරඹලා තියෙනවා. මිලියන ගණනාවක පිරිසක් අන්තර්ජාලය හරහා torrent මගින් හො වෙනත් ක්රම මගින් නරඹා තියෙනවා. මේ ටෙලිනාට්ය තුලින් පේනවට වඩා මේ කතාව පුලුල් පරාසයක් පුරා පැතිර තියෙන කතාවක්. ඒ නිසාම කටුසටහනින් game of thrones ගැන වෙනම වීඩියො සීරියස් එකක් කරන්න අපි තීරණය කලා. ඒ සීරියස් එකේ පලවෙනි කොටස විදියට අද අපි game of thrones නාට්ය මාලාවේ දැනගත යුතුම කරුණු පිලිබද වීඩියෝවක් ගේනවා. 

  1. ආරම්භය
game of thrones කතා මාලාව පදනම් වෙලා තියෙන්නේ westeros කියන මහද්වීපය පදනම් කරගෙන. මුල් යුගයේ ඒ කියන්නේ වසර 12000කට කලින් මේ මහද්වීපයේ ජීවත්වෙලා තියෙන්නේ Children of the forest නමින් හදුන්වන ශරීරයෙන් කුඩා මිනිසුන් පිරිසක්. මේ මිනිසුන් මන්තර ගුරුකම් වලට දක්ෂ පිරිසක්. මේ westeros මහද්වීපයට ලගින්ම තියෙන Essros කියන මහද්වීපයෙන් මිනිසුන් පිරිසක් the arm of dorne හරහා පැමිනෙනවා. ඔවුන්ව හදුන්වන්නේ First Men කියලා. මේ first menලා තඹ වලින් තනාගත් ආයුධ පාවිච්චි කරන පිරිසක්. first men හා childrenලා අතර දරුණු යුද්ධයක් ඇතිවෙනවා. මේ යුද්ධයෙන් කිසිවෙකුටත් ජයක් ලැබෙන්නේ නෑ. පසුව මේ දෙගොල්ල සමාදන වෙනවා. Childrenලා කැලැ තුල ජිවත්වෙන්න පටන් ගන්නවා. First menලා තැනිතලා භූමි වල ජනාවාස පිහිටුවනවා. 

මේ අතර උතුරෙ සීත ප්රදේශ වල ඉදන් white walkersලගේ අක්රමණයක් සිදුවෙනවා. මේ ආක්රමණයට childrenලත් firstmenලත් එකතුවෙලා සටන් කරලා ජයගන්නවා. First men ලට නායකත්වය දෙන්නේ Brandon Stark නොහාත් bran the builder කියලා කෙනෙක්. එයා මුලික වෙලා සීත භුමිය මහද්වීපයෙන් වෙන් කරමින් සුවිසල් තාප්පයක් ඉදිකරනවා. මේකට තමයි The Wall කියලා කියන්නේ. පසුව උතුරේ රජු ලෙස Brandon කිරුලු පලදින අතර winterfell වල සුවිසල් මාලිගාවක් හදාගනිමින් රාජ්ය පාලනය කරනවා. Brandon තමයි Stark පරපුරේ ආරම්භකයා. මේ විදියට ගංගා අශ්රිතව Tullyවරු Lannisterවරුන් castle rockවල රාජධානි පිහිටුවා ගනිමින් පාලනය කරනවා. 

ඊට වසර දෙදෙහකට පසු Andals නමින් ජන කොට්ඨාෂයක් westeros මහද්වීපය ආක්රමණය කරනවා. මේ Andalsවරු පැවතගෙන එන්නේ Esstoros මහද්වීපයේ වම් කෙලවරේ තියෙන් Andalas කදු නිම්නයෙන්. මොවුන් ඉතාමත් දියුණු ජාතියක්. යකඩ හා වානේ ආයුධ වලින් සමන්විත ක්රමානුකූලව හමුදා නඩත්තු කරන පිරිසක්. මොවුන් ක්රමයෙන් උතුර හැර Westeros වල සියලු රාජධානි පරාජය කරනවා. එහි ප්රභු පවුල් සමග විවාහ වී සිය Andals ප්රජාව ව්යාප්ත කරනවා. ඔවුනට උතුරු ප්රදේශය යටත් කරගන්නට හැකි වෙන්නේ නැ. ඒ නිසාම අදටත් උතුරේ සිටින්නෙ First Menලගෙන් පැවත එන පිරිසක්. අනිත් හැම තැනම 90%ක් විතර ඉන්නේ Andalsවරු. ඒ නිසාම අගරජු හැදින්වීමට යොදා ගන්න මේ වචන පේලියයි king of the Andals, the Rhoynar and First Men

මේ ආකරයට රාජ්යන් වලට බෙදීපාලනය වන westeros මහද්විපය එකට එකතු කරන්නේ Essros මහද්වීපයේ Valeria වල ඉදන් පැමිනෙන Targerianවරු විසින්. Aegon Targerian හා ඔහුගේ සොහොයුරියන් දෙදෙනා වන Rhaenys Visenya ඔවුන්ගේ මකරුන් ප්රමුඛ කරගත් හමුදාවක් මගින් westerosහී සියලු රාජ්යයන් යටත් කරගන්නවා. Aegonගේ උදව්වෙන් Barathoenවරු Stormend වල ඔවුන්ගේ රාජධානිය පිහිටුවනවා. මේ ආකරයට වසර 280ක් Targerianවරු westeros පාලනය කරනවා.

Tagerianවරුන්ගේ අවසන් පාලකයා වන්නේ Aeris Targerian. මෙයාට තමයි Game of thrones කතාමාලාවේ mad king කියලා කියන්නේ. මේ mad kingට මිනිසුන් ගිනි තබා මරණ පිස්සුවක් තිබුනා. මේ පිස්සුව නිසාම බොහො ප්රදේශීය නායකයන් ඔහු සමග හිතහොදින් නෙමෙයි සිටියේ. මේ අතර ඔහුගේ පුතා Rhegha Targerian උතුරේ පාලකයා වු ... Starkගේ දියණිය වන Lyanna Starkව පැහැර ගැනිමේ සිද්ධියක් මුල් කරගෙන ආරවුලක් ඇතිවෙනවා. Lyanna Starkව විවාහ කරගැනීමට යෝජනා වි සිටි Robert Baratheon හා Starkවරුන් විසින් Targerianවරුන්ට විරුද්ධව යුද ප්රකාශ කරනවා. මේ යුද්ධය Robert Baatheon ප්රමුඛ සේනාව විසින් ජය ගන්නවා. Targerianවරු සමූල ඝාතනය කරනවා. ඉතිරි වන්නේ Viserys හා Daneries කියන කුඩා Aeris Targerianගේ දරුවන් දෙදෙනා විතරයි. මොවුන් දෙදෙනාව Targerianවරුන්ට පක්ෂපාත ප්රභුවරු විසින් Essros මහද්වීපයට රැගෙන යනවා.

Robert Baratheon westeros වල රජු බවට පත්වෙනවා. ඔහුගේ හොදම මිතුරා Eddard නැත්නම් Ned  Stark උතුරේ පාලකයා බවට පත්වෙනවා. Robert සහ Nedගේ ගුරුවරයා වු Jon Arryn රජුගේ දෙවනියා නැත්නම් Hand of the King බවට පත්කරනවා. එතැනින් වසර 17කට පසු Jon Arryn මිය යාමත් සමග තමයි Game of Thrones කතාමාලාව ආරම්භ වෙන්නේ.

  1. රාජධානි සහ පවුල්
Beyond the wall
Westeros මහද්වීපයේ ඇත උතුරු කොටසට කියන්නේ beyond the wall කියලා. මේ කොටස වෙන්වන්නේ The wall නැත්නම් මහා ප්රකාරයෙන්. මේ ප්රදේශයේ ගෝත්ර 80ක් පමණ ජිවත්වෙනවා. ඔවුන් එකිනෙකා සමග ගැටුම් ඇති කරගනිමින් තමයි ජිවත්වෙන්නේ. නමුත් කාලයෙන් කාලයට පැමිනෙන නායකයින් මේ ගොත්ර අසුගණන එක්සත් කර පාලනය කිරීමට සමත්වෙලා තියෙනවා. මෙවර එය එක්සත් කර ඇත්තේ Mance Rayder කියන අයෙක්. ඔහු හිටපු රාත්රී රැකවලෙක් නැත්නම් Night Watchman කෙනෙක්. 
මේ beyond the wall ප්රදේශයේ තමයි white walkersලා ජිවත්වෙන්නේ. මොවුන් අවදිවන්නේ සීතකාලය උදාවීමත් සමගයි. ඔවුන් ඉතා භයානක පිරිසක් වන අතර ඔවුන්ව මරාදැමීමටද අපහසුයි. White walkersලගේ නායකයා Night King ලෙස හදුන්වයි.

The wall
ප්රධාන රාජ්ය හා beyond the wallවෙන්කර බැද ඇති තාප්පයට කියන්නේ The Wall කියලා. මේ තාප්පය ආරක්ෂා කරන්නේ Night Watchman කියලා පිරිසක්. බොහොවිට ප්රධාන රාජ්යයන් වල විවිධ වැරදි නිසා මරණ දන්ඩනය හිමිවන වැරදිකරුවන් මරණයෙන් වලක්වා night watchman සේවයට යොමුකරනවා. ඔවුනට කාන්තාවන් හා විවාහ වීම හො ලිංගිකව එකතුවීම තහනම්. ඔවුන්ගේ එකම පරම අරමුණ white walkersලගෙන් හා wildlingsලගෙන් එන අක්රමණ වලක්වා ලීමයි. Wildlingsලා nightwatchmanලව හදුන්වන්නේ කපුටන් නැත්නම් craws ලෙසයි. ඒ ඔවුන් කලුලොගුවක් ඇද සිටින නිසා. The wall එක පාලනය කරන්නේ castle black වල සිට. Night watchman ලගේ ප්රධානියට කියන්නේ Commander of the night watch කියලා.

Winterfell සහ Starkවරු
Game of thrones  කතාමාලාවෙ වැඩිම ජනාදරයට පත්රවු පවුල තමයි stark පවුල. කතාව පටන් ගන්නෙත් Starkවරුන්ගෙන්. කතාව තුල ප්රධාන චරිත ගණනාවක් රගපාන්නේද මේ Starkවරු. Westeros මහද්වීපයෙන් වැඩිම භූමි ප්රමාණයක් පාලනය කරන්නේ ඔවුන්. මේ පවුලේ මූලස්ථානය Winterfell බලකොටුවයි. Ned Stark කියන විදියට මේ මාලිගාව 10000ක සේනාවක් වට කරලා හිටියත් සොල්දාදුවන් 300ක් හොදටම ඇතිලු මාලිගාව රකින්නට. එතරම් මාලිගාව ශක්තිමත්. Starkවරුන්ගේ සලකුණ තමයි සූදු පාට සහ කොල පාට කොඩියක සිටින අලුපාට Dare Wolf. අලුපාට කියන්නේ සමකාමි පාටක්. අලුපාට හැදෙන්නේ සුදු සහ කලු මිශ්රවීමෙන්. මේ තුලින් කියවෙන්නේ starkවරුට ඇති ඕනෑම දෙයකට ඔරොත්තු දීමේ හැකියාවයි. dire wolf ගෙන් අදහස් වෙන්නේ කන්ඩායමක් ලෙස සටන් කිරීමට ඇති හැකියාවයි. සුදුපාටින් හිම සහ අලුතින් පටන්ගැන්ම අදහස් වෙනවා. කොල පාටින් සශ්රීකත්වය. ඔවුන්ගේ තේමා පාඨය "Winter is coming" යන්නය. Starkවරු සැමවිටම සුදානම් වන්නේ මීලග ශීත සෘත්රවටයි. White Walkersලගෙන් එන ආක්රමණය තමයි ඔවුන්ට ඇති ලොකුම අභියෝගය.

The Vale සහ House Arryn
The Vale යනු උතුරට පහලින් ඇති කදු වලින් වටවු රාජධානියක්. මේ කදු වලල්ලට කියන්නේ The Mounains of the Moon කියලා. The Vale රාජධානිය පාලනය කරන්නේ Arryn කියන පවුල. The Eyrie කියන බලකොටුවේ ඉදන් තමයි Arryn වරු The Vale පාලනය කරන්නේ. මේ පවුල Starkවරුන්ට ඉතා හිතවත්. මේ පවුලේ ආරමභකයා වන්නේ Ser Artys Arryn කියන නයිට්වරයා. මොහු Andalsවරයෙක්. මොහු සුවිසල් උකුස්සෙකු මතින් පිඹා ඇවිත් The Vale හි රජකම් කල First Menලගේ රජු පරදා රාජධානිය ඔහුගේ යටතට ගන්නවා. මේ නිසා මේ පවුලේ සලකුණ තමයි නිල් පාට පසුබිමක ඇති අඩ සද සහ පියාඹන උකුස්සාගේ සලකුණ. ඔවුන්ගේ තේමාව "as high as honor" යන්නය.

The Riverland සහ Tully පවුල
The riverland කියන්නේ westeros මහද්වීපයේ හරි මැද. ගංගා ත්රිත්වයක් ගලා බසින්නේ මේ රාජධානිය හරහා. මේ රාජධානිය පාලනය කරන ප්රධාන පවුල Tully පවුල. Ned Starkගේ බිරිද Catelyn Stark Tully පවුලේ කෙනෙක්. Tully පවුලේ ලංජනය තමයි මාලුවා. තේමාව Family Duty Honor. මොවුන්ගේ මුලස්ථානය Riverrun බලකොටුවයි.

The Riverland වල තවත් ප්රභල පවුලක් තමයි Frey පවුල. මේ පවුලේ බලකොටුව තමයි game of thrones කතාමාලවේ එක් ප්රසිද්ධ ස්ථානයක් වන The Twin බලකොටුව. මොවුන්ගේ සලකුණද එකට යාවු කුලුණු දෙකකි. ඔවුන්ගේ තේමා පාඨය "we stand together" යන්නය.

The Westerland සහ Lannister පවුල
Game of thrones කතාමාලාවේ stark පවුලට  අමතරව අනිත් ප්රධාන පවුල Lannister පවුලයි. ඔවුන් westerland හි පාලකයින්. Westerland රත්තරන් හා රිදි නිධි වලින් සශ්රීක නිසා Lannisterවරු ධනවත් වගේම බලවත් පවුලක් බවට පත්වී තිබෙනවා. මොවුන්ගේ ලාංජනය රතු පලසක් මත සිටින රත්තරන් සිංහයා. මෙයින් කියවෙන්නේ රජකීයත්වය හා සශ්රීකත්වයයි. ඔවුන්ගේ තේමා පාඨය "hear me roar" යන්න වුවත් වැඩියෙන් භාවිතා කරන්නෙ "a Lannister always pays his debts" යන්නය. ඔවුන් westerland පාලනය කරන්නේ castle rock නම් බලකොටුවෙ සිටය.

Iron Island සහ Greyjoy පවුල
westerland වලට ඉහලින් පිහිටා ඇති දූපත් සමුහයට කියන්නේ Iron Island කියලා. මේ රාජධානිය පාලනය කරන්නේ Greyjoy පවුල. ඔවුන්ගේ බලකොටුවට කියන්නේ Pyke කියලා. ඔවුන් අයත්වෙන්නේ Ironborn නම් First Menලගෙන් පැවත එන ජනවර්ගයකට. මේ ජනවර්ගය උපතින්ම ආක්රමණශීලිය. ඒ නිසාම ප්රධාන රාජ්යයන්ගෙන් නිදහස් වීම සදහා ඔවුන් විවිධ සටන් ඉතිහාසය පුරාම කරලා තියෙනවා. ඔවුන් සුවිසල් නාවුක හමුදාවකින් සන්නද්ධයි. Greyjoyවරුන්ගේ සලකුණ කලු පසුබිමක සිටින රත්තරන් බුවල්ලෙකු හා සමාන මුහුදු සත්වයෙක්. ඔවුන්ගේ තේමාව "we do not sow" යන්න වුවද පොදු තේමාව වන්නේ"What Is Dead May Never Die" යන්නය.

The Crownland
Crownland කියන්නේ westeros මහද්වීපය පාලනය කරන රජු හා පිරිවර සිටින රාජ්යය. Targerianවරුන් westeros එක්සත් කිරීමට පෙර crownland ඇති භූමිභාගය විවිධ ප්රදේශීය රාජ්යන්ට අයත්ව තිබිලා තියෙනවා. පසුව Aegon Targerian westeros එක්සත් කර සිය මූලස්ථානය crownland වල King's Landing වල ඉදිකර තිබෙනවා. මේ බලකොටුව හදුන්වන්නේ red keep නමින්.

The Reach සහ Tyrell පවුල
The Reach කියන්නේ සුවිසල් සශ්රීක බිම් ප්රදේශයක්. මේ නිසා මේ රාජධානිය පාලනය කරන Tyrellවරු ඉතා ධනවත් වගේම හමුදා අතින් බලවත්. මොවුන් castle of highgarden සිට රාජධානිය පාලනය කලා. මොවුන්ගේ ලාංජනය ලාකොලපාට පසුබිමක තිබෙන රත්තරන් පාට මලක්. Westeros වල තියෙන දෙවැනි විශාලතම නගරය වන Old Town පිහිටලා තියෙන්නෙත් The Reach රාජධානියේ. එහි තමයි රාජ්යන් පාලනය කරන්නට උපදෙස් දෙන උපදේශකයින් බිහිකරන්නේ.

Stormland සහ Baratheon පවුල
stormland පලාත ප්රසිද්ධ වැඩියෙන්ම මුහුදු කුණාටු හමන පලාත ලෙස. මේ ප්රදේශය පිහිටා තිබෙනේ westeros මහද්වීපයේ නැගෙනහිර මායිමේ. Baratheonවරු තමයි මේ ප්රදේශය පාලනය කලේ. ඔවුගේ ප්රධාන බලකොටුව පිහිටා තිබුනේ Stormend වල.  ඔටුන්නක් පැලද සිටින මුවක් තමයි ඔවුගේ සලකුණ. "Ours is the Fury" ඔවුගේ තේමාවයි.

Dorne සහ Martell පවුල
Westeros වල තියෙන වඩාත් ස්වාධීන රාජ්යයක්. ප්රධාන රාජ්යට යටත් වුනත් අනිත් රාජ්යයන් වලට වඩා ස්වාධීනව කටයුතු කරනවා. එකට හේතුව වෙලා තියෙන්නෙත් red mountain නම් කදු පන්තියකින් ස්වාභාවිකවම dorne වෙන්ව තිබීම. Martell පවුල තමයි මේ රාජ්ය පාලනය කරන්නේ. ඔවුන්ගේ ලාංජනය වන්නේ තැඹිලි පාට පසුබිමක තිබෙන රත්තරන් හෙල්ලයක්. මොවුන් sunspear නම් බලකොටුවේ සිට Dorne පාලනය කරනවා.

Targerian පවුල
Westeros මහද්වීපය එක්සේසත් කල මුල්ම අය වුනේ aegon targerian සහ ඔහුගේ සොහොයුරියන් දෙදෙනායි. ඔවුනට හීලැ වු ගිනි පිඹින මකරුන් ප්රමුඛ හමුදාවක් මගින් ඔවුන් westeros තම අණසකට ගෙන අවුරුදු 280ක් පමණ පාලනය කලා. 

එහෙනම් අදට ඔච්චරයි. මේ විඩියො එක ගැන හිතනදේ ඔයාලා comment කරන්න. මීලග වීඩියොස් වලට එවා අපිට උදව් වේවි.

Game of throne කතාමාලාව තුල තියෙන තවත් සුවිශේෂි සිදුවීම් සමග මීලග කටුසටහන් වීඩියො එකකින් හමුවෙමු. 

මේවගේ විඩියොස් බලන්න අපේ කටුසටහන් YouTube චැනල් එක Subscribe කරන්න. බෙල් ලකුණ ඔබලා විඩියොස් upload කරපු සැනින් දැනගන්න. එහෙනම් අපි ගියා..

Comments