ලස්සනට නිරෝගීව ඉන්න රාත්‍රී දින චරියාවක් - Night routine for healthy life explained in Sinhala




වැඩ ඇරිලා නැත්නම් ක්ලාස් ගිහිල්ල රැවෙලා ගෙදර ආවාම රාත්‍රිය ගත කරන්නේ කොහොමද? එක එක්කෙනාට අවේණික ක්‍රම ඇති.
ඔබව කාර්යක්ෂම පුද්ගලයෙක් බවට පත් කරන Morning Routine එකක් උදෑසන දින චරියාවක් ගැන ඔබට කිව්වා මතකද? අද අපි කටුසටහනින් කියලා දෙන්නේ නිරෝගීව ලස්සනට ඉන්න හොද නයිට් රූටීන් එකක් ගෙන. 

පිරිසිදු වීම
රෑට ගෙදර ආපු ගමන් හොද වොෂ් එකක් දාගෙන පිරිසිදු වෙන්න. ඔබ ජිම් එකට ගිහින් ආවොත් කරන්න තියෙන හොදම වැඩේ තමයි මුලින්ම කන එක. වොශ් එකක් දාලා ඉවර වුනාම හොද Facewash එකකින් මුහුණ හෝදගන්න අමතක කරන්න එපා. දවස පුරාම දුවිල්ලට නිරාවරණය වෙලා ඇති ඔබගේ ලස්සනම අවයවය මුහුණ පිරිසිදු කරගන්න ප්‍රමුඛතාවයක් දෙන්න. හොද Facewash එකක් තොරගෙන හැමදාම භාවිතා කරන්න. එවගේම වෝෂ් දාලා ඉවර වෙලා. Face Cream එකක් හා Body Lotion එකක් අලේප කරගන්න. රැට අපි නිදාගන්න කොට Fan, A/C නිසා අපේ හමේ තිබිය යුතු ජල ප්‍රමානය අඩුවෙලා අපිව dehydrate වෙනවා. ඒනිසා හොද Face Cream එකක් හා Body Lotion එකක් භාවිතා කරන්න.


රාත්‍රී ආහාරය
නිදාගන්න පැය දෙක තුනකටවත් කලින් රාත්‍රී ආහරය ගන්න ඕනි කියලා තමයි වෛද්‍යවරු උපදෙස් දෙන්නේ. ඔබ කාපු ගමන් නිදාගත්තොත් වෙන්නේ ඔබේ ශරීරය ගොඩක් ගැස්ටික් ඇසිඩ් නිපදවන්න පටන් ගන්නවා. කාලයක් යනකොය බඩේ දැවිල්ල ගතිය කන්න බැරි ගතියක් ඇති වෙනවා. මේ නිසාම නිදාගන්න පැය දෙක තුනකට කලින් ආහාර ගන්න.
මොනාද ගන්න ඕනි ආහාර කියලා විශේෂයක් නෑ. ඔබ ඩයට් කරන කෙනෙක් නම් වෛද්‍යවරයාගේ ඩයට් ප්ලැන් එකට අනුව ඩයට් කරන්න.  එවගේම නිදාගන්න කලින් පැය දෙක තුන ඇතුලත හොදට වතුර බොන්න. Fan, A/C නිසා අපිව dehydrate වෙන එක වලක්වනවා හොදට වතුර පානය කිරීමෙන්.

දන්ත සෞඛ්‍ය
එවගේම නිදාගන්න කලින් හොදට දත් මදින්න. දවසකට දෙපාරක් දත්මදින්න කියලා තමයි වෛද්‍ය නිර්දේශය. හොද මුඛ සෞඛ්‍ය පුරුදු ඔබව ලස්සන කරනවා වගේම ඔබ හදවත රැක් දෙනවා කියලා ඔබ දන්නවද. හොද පිරිසිදු සෞඛ්‍ය සම්පන්න දත් දෙපලක් තියෙන අයට හෘදයාබාධ වැලදීම අඩුබව පර්යේෂණ වලින් පෙන්නලා දීල තියෙනවා. දත් මදින කොට විනාඩි දෙකක් දත් මැදිය යුතු බව වෛද්‍යවරුන් පවසන්නේ.


හෙට දවස සැලසුම් කරන්න
නිදාගන්න කලින් කරන්න ඕන හොදම දෙයක් තමයි හෙට දවස සැලසුම් කර ගැනීම. ඔයාගේ තියෙන පීඩනය අවම වෙනවා එහෙම් කලොත්. හෙට දවසේ කල යුතු දේවල් සේරම පෑනකුයි පොතකුයි අරන් ලියන්න. දවසේ කල යුතු දේවල් ලියාගන්න පොතක් වෙනම තියාගන්න. මේ විදියට ඊලග දවසේ කල යුතු දේවල් ලියාගත්තම ඔයාගේ හිත නිදහස්. උදේට නැගිටලා කලයුතු දේවල් මතක් කරගන්න අමාරුවක් නෑ.  එක හොද නින්දක් ලබා ගන්න උදව් වෙනවා. එවගේම ඊලග දිනයේ හොදින් අවදානයෙන් වැඩ කරගෙන යන්න එක උදව් වෙනවා. ඇදට ගිහිල්ලා හෙට දවස සැලසුම් කරන්න හිතන්න එපා.  ඔබ රාත්‍රියට ඇදට යායුත්තේ එක්කො කෙලින්ම නිදාගන්න එහෙම නැත්නම් ඔයාගේ පාට්නර් එක්ක සෙක්ස් කරලා නිදාගන්න.

Mobile Phones and Laptop
නිදාගන්න කලින් අපි යහලුවො එක්ක Chat කරනවා Facebook යනවා Instagram යනවා YouTube එකේ විඩියෝස් බලනවා. සමහරු ෆිල්ම්ස් ටිවි සිරීස් බලනවනේ. ඔයලා දන්නවද මොබයිල් ෆෝන්ස් ලැප්ටොප් වල Display එකේන් එන නිල්පාට ආලෝකය ඔයාගේ නින්දට බාධාවක් බව. මේක් සමීක්ෂණ මගින් ඕප්පු කරලා තියෙනවා. එහෙනම් ඔයා කරන්න ඕනේ Mobile Phones Laptops වල Night Mode එක on කරගන්න එක. රෑ 9 ඉදන් පහුවදා උදේ වෙනකන් Night Mode  එක ඔන් කරලා තිබ්බාම එයින් ඔයාගේ Display එක කහපාටට හුරු අදුරු පාටකට යොමු වෙනවා. මේ පාට රාත්‍රියෙදි ඇහැට හොදයි. හොද නින්දක් ලබන්න ඕනි කරන හොද පුරුද්දක් මේක.

  

මේ article එක ගැන හිතන දේ පහතින් කමෙන්ට් කරන්න. 
මේවගේ විඩියොස් බලන්න අපේ කටුසටහන් YouTube චැනල් එක Subscribe කරන්න. බෙල් ලකුණ ඔබලා විඩියොස් upload කරපු සැනින් දැනගන්න.


Comments