ශක්තිමත් ආදර සබදතාවයකට අවශ්‍ය හුරු පුරුදු 8 - 8 Habits for strong relationship






වීඩියෝ එක බලන්න





කර්ය බහුල සමාජයක ජිවත් වෙන අපිට අනෙකාට ආදරය පෙන්වන්න තියෙන අවස්ථා මගහැරෙන්න පුලුවන්. එවන් අවස්ථා මගහැරගෙන ඔහුත් ඇයත් ආදරයෙන් ජිවිත ගතකරන්න පුලුවන් පුරුදු 8ක් ගැන තමයි අද කටුසටහනින් කතා කරන්නේ. මේ පුරුදු 8 දිනපතා ඉටුකලොත් ඔබේ සම්බන්ධතාවය ශක්තිමත්ව ඉදිරියට යන බව විශ්වාසයි.

  1. Date Nights
Date Nights කියන්නේ තමන්ගේ සහකරුවා හො සහකාරිය සමග රාත්‍රියක් විනොදෙන් ගත කිරීම . මෙය හොද සම්බන්ධතාවයකට අතිශය වැදගත්වන ක්‍රියාවක්.  දවසේ වැඩවලින් මිදිලා රාත්‍රියේ තමන්ගේ සහකරුවා සමග කාලය ගත කිරීමෙන් තමන්ට කොතරම් සැහැල්ලුවක් දැනේනවද.. Date nights දෙදෙනාගේම ජිවිත වලට සැහැල්ලුවක් විනොදයක් වටිනාකමක් එකතු කරනවා. බොහො අය date night එකකදි කරන්නේ movie එකක් බලන්න යන එක. Dinner එකකට යන එක. 
මේ දෙකට පමණක් සීමා වෙන්නේ නැතුව අලුත් අලුත් දේවල් නිතර නිතර date night එකක අත්හදා බැලුවොත් ඔයාගේ relationship එක එකකාරී නොවි පවත්වා ගෙන යන්න පුලුවන්. පොඩි පොඩි අභියෝගාත්මක දේවල් අත්හදා බැලුවට කමක් නෑ.

  1. ගැටුම් නිරාකරණය
එකිනෙකාගේ අඩුපාඩුකම් තිබීම සමාන්‍යදෙයක්. රන්ඩු කරගැනීමත් හොද සබදතාවයක තියෙන ලක්ෂණයක්. නමුත් රන්ඩු සරුවල් නම්‍යශීලිව කතාබහ කරලා විසදගන්න ඕනි. ඒ දේවල් ඉදිරියට ගෙනියන්න හොද නෑ. රන්ඩුවක් වෙන විට එක්කෙනෙක් නම්‍යශීලි වෙලා ප්‍රශ්නය සකච්බඡා කරලා විසදාගන්න ඕනි. විසදන විට දෙදෙනාම එකතුවෙලා කතා බහ කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

  1. Flirting 
Flirting කියන්නේ තමන්ගේ partnerට තමන්ගේ interest එක පෙන්වන හොදම විදිය. මුල් කාලයේ relationship එකක් ආරම්භ කරන්න වගේම මුල් කාලයේ ඉතා හොදින් පවත්වාගෙන යන්නෙත් Flirting වලින් තමයි. නමුත් කාලයක් යනකොට Flirt කරන එක අඩුවෙලා යනවා. එහෙම වුනාම තමයි කාලයක් යනකොට relationships boring වෙන්නේ. 

දිනපතාම පොඩි පොඩි දේවල් වුනත් ඇති තමන්ගේ partnerට තමන්ගේ interest එක පෙන්වන්න. ඒවගේම playful වෙන්න අභියෝගාත්මක වෙන්න. හැමවිටම ඔහුව හො ඇයට දවසකට එකපාරක්වත් පුදුම කරන්න පුලුවන් නම් relationship එක හොදින් ගෙනියන්න පුලුවන්වෙයි.

  1. කුස්සියේ වැඩ 
පිරිමියෙකුට කුස්සියේ වැඩ කරනවා කියන එක එච්චර fun එකේ කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒත් ඔයාට පුලුවන් නම් කුස්සියට ගිහින් ඇයට උදව් වෙන්න ඇය ගොඩක් සතුටු වෙයි. කුස්සියේ දේවලුත් ඇය කියන්න කලින් හොයලා බලලා කරලා දෙන්න පුලුවන්නම් ඇය තවත් සතුටුවෙයි. විවාහයෙන් පසු ඔබලා දෙදෙනෙක් නොවි team එකක් විදියට එකට වැඩ කරන්න පුලුවන් නම් ඒ relationship එක ගොඩක් ශක්තිමත් වේවි.

  1. Traveling 
traveling අලුත් අලුත් දේවල් හොයන්න තමන්ට උදව් වෙනවා වගේම හොද ආදර සම්බන්ධයක් ගොඩනගා ගන්නත් Traveling උදව් වෙනවා. දෙන්නත් එක්ක එකතු වෙලා අලුත් තැනකට අලුත් විදියකට යනකොට ජිවිතය අලුත් වෙනවා වගේ දැනෙනවා. තමන් travel කරන තැන එකතුවෙලා plan කරලා එකට budget හොයාගෙන එතනට ගිහිල්ලා දෙන්නත් එක්ක activities කරලා වෙනස්ම experience එකක් අරගෙන එන්න පුලුවන්. එවගේ දේවල් වලින් දෙදෙනාගේම බැදීම් තවත් ශක්තිමත් වෙනවා. දැන්ම ඊලග trip එක සැලසුම් කරන්න. 

  1. අගය කිරීම
තමන්ගේ partnerව වර්ණනා කරන්න ලොකු පරිශ්‍රමයක් දරන්න ඕනි නැනේ. ලේසියෙන්ම කරන්න පුලුවන්. අවංකවම partnerගේ හොද දේවල් අගයකරන්න පුලුවන් නම් එයාට ගොඩක් සතුටු හිතෙයි. මිනිසුන් තමන්ව අගය කරන මිනිසුන්ට කැමතිය. අගයකිරිම් ලබන්න කැමතියි. එසේ කිරීමෙන් එයාට වටිනාකමක් එකතු කරනවා. ඔවුන්ට ඔවුන් උසස් බව හැගෙනවා. ඔවුන් සතුටු වෙනවා.

  1. සැමරීම්
සැමරීම් එක එක විදියට සිදුවෙන්න පුලුවන්. අවුරුදු නත්තල වගේ හැම වර්ශයකම එන event සමරන්න පුලුවන්. වැදගත්ම සැමරීම් තමයි දෙදෙනාගේම සාර්ථකත්වයට පත්වු දේවල් සමරන එක. රැකියා උසස්වීම්, විභාග පාස් කිරීම් වැනි දේවල් සැමරීමෙන් partnerට ලොකු value එකක් ලැබෙනවා. ඔහු හො ඇය තමන්ට කොච්චර වටිනවද කියලා එත්තු ගැන්වෙනවා. එවගෙම anniversary එක birthday එකත් අමතක නොකරම සමරන්න. තවත් දෙයක් dinner lunch කේක් කපලා වගේ දේවල් කරලම සමරන්නම ඕනි නෑ. අලුත් විදියකට හිතලා දෙයක් කරන්න පුලුවන්.

  1. අවංක වෙන්න
Relationship එකකට වැඩියෙන්ම අවශ්‍ය දේ අවංක කමයි. තමන්ගේ partner එක්ක විනිවිදභාවයෙන් කටයුතු කරන්න. රහස් තියාගන්න එපා. මොකද එවා හෙලි වුනොත් විශ්වාසය කියන දේ බිදවැටෙනවා. විශ්වාසය කියනදේ නැත්නම් ඒ relationship එක ඉවරයි. හැමදේම කියන්න. එවිට තේරුම් ගැනීමට ලේසිවෙයි. ඔයාට හිතෙන දේ එයාට සගවන්නෙ නැතුව කියන්න. සැකයක් ප්‍රශ්නයක් වුනත් කෙලින්ම අහන්න. එවාට ලැබෙන උත්තර අනුව විශ්වාසය ගොඩ නැගේවි. දෙදෙනා අතරේ හොද communication එකක් තියාගන්න. හැමවිටම අවංක වෙන්න. විනිවිදභාවයකින් වැඩ කරන්න. හොද සම්බන්ධතාවයකට එය වැදගත්වේවි..

මේ article එක ගැන ඔයාට හිතෙන දේ පහලින් comment කරන්න. article එකට කැමති නම් ලයික් එකකුත් දාන්න.





Comments