- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
වීඩියෝව පහලින් බලන්න
පහල රූපසටහනින් දැක්වෙන්නේ ලංකාව ඇතුලු ලංකාවට සමාන රටවල 1960දී ඒක පුද්ගල ආදායමත් 2017 වසර වන විට එක පුද්ගල ආදයමත්ය.. හොදට බලන්න ඔයාට පේනවා නේද අපිට පහලින් තිබු තායිලන්තය කොරියාව වගේ රටවල් අවුරුදු 57කට පසු දැවැන්ත ආර්ථික වර්ධනයක් ලගා කරගෙන තියෙන බව. එවගේම සිංගප්පූරුව ස්පාඥ්ඥය ජපානය වැනි රටවල් විශාල ආර්ථික වර්ධනයක් ඇති කරගෙන ඇති බව..
ඉතින් ඇයි ලංකාවට එහෙම විශාල ආර්ථික වර්ධනයක් ඇති කරගන්න බැරි වුනේ.. මොනවද ඒකට හේතු වුන කරුණු.. අද කටුසටහනින් ලංකාවට මෙහෙම වෙන්න හේතු මොනවද කියලා හොයලා බලමු..
1. දැක්මක් නැති දේශපාලකයින්
නිදහසින් පසු අපේ රට පාලනය කල සියලු දේශපාලඥයින්ට දැක්මක් තිබුනේ නැ කියලා මම කිව්වොත් ඔයලා මාත් එක්ක අමනාප වෙන එකක් නැතිවෙයි. ඒ කාලේ ඉදන්ම හැම දේශපාලඥයම මැතිවරණ කාලයේ බොරු පොරොන්දු කරන්න බැරි පොරොන්දු දීලා බලයට ඇවිත් රාජ්‍ය සම්පත් වලින් පිස්සු කෙලපු එක තමයි කලේ.
1956 සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කල නිසා අපේ රට අවසානයේ අවුරුදු 30කට අධික ත්‍රස්තවාදී යුද්ධයකට පැටලෙන්න සිද්ධ වුනා.
කාටවත් වගකීමක් නැති විධායක ජනාධිපතිධූරයක් හදුන්වා දීලා මේවන විට දේශපාලන වශයෙන් ලංකාව හොදටම විදවනවා. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්නට පොරොන්දු දී බලයට පැමිණි කිසිම නායකයෙක් එය අහෝසි කලේ නෑ.. මිනිස්සු රැවැට්ටුවා විතරයි.
බලයට පත්වු කිසිම නායකයෙක් රට තවත් අවුරුදු 10කින් 20කින් 30කින් ලෝකයත් එක්ක කොතනද තිබිය යුත්තේ කියලා හිතුවේ නෑ. ඒ තැනට රට තල්ලු කරගෙන යා යුත්තේ කොහොමද කියන දැක්මක් කිසිම නායකයෙකුට තිබුනේ නෑ. ඡන්ද දිනන්න ඕන නිසා බඩු මිල අඩු කලා පාරවල් හැදුවා මිසක් දැක්මක් අතුව සැලැස්මක් ඇතිව ඒ කිසි දෙයක්ක කලෙ නෑ...
සංවර්ධන දිශාවට ජනතාව යොමුකරන්න ජනතාවගෙ ආකල්ප සංවර්ධනය කලේ නෑ. ජනතාවට හැමතිස්සේ දුන්නේ වෛරී සහගත සිතුවිලි. පක්ෂ පාට විදියට ජනතාව බෙදුවා.. ජාතීන් ලෙස ජනතාව බෙදුවා.. දේශපාලකයො හැමවිටම ජනතාව තුලට වෛරී ආකල්ප ඇතුල් කලා මිසක් ධනාත්මක ආකල්ප ඇතුල් කලේ නෑ..
2. මහජනතාවගෙ දුර්වල තීරණ
දේශපාලඥයින්ව රට පලානය කරන්නට තෝරලා යවන්නේ මේ රටේ ජනතාව. ඔබ ඡන්දේ දීලා පත්කරලා යවපු අය රට වෙනුවෙන් දෙයක් කලාද කියලා මදක් නැවතිලා සිතලා බලන්න. ඔවුන් සුදුසු පුද්ගලයින්ද කියලා මදක් නැවතිලා සිතලා බලන්න. ලෝකයේ අනිත් රටවල් වේගයෙන් ඉදිරියට යද්දි ඒ රටවල ජනතාව විදින සැප සම්පත් ඔබත් විදිනවද කියලා හොයලා බලන්න. ඔබේ රට ඉන්න යාලුවන්ගෙන් අහලා බලන්න ඒ රටවල මිනිස්සු ජිවත් වෙන විදිය ගැන. ඔබට එතකොට තේරේවි අපේ රටේ ජනතාවට කොතරම් දේවල් අහිමි වෙලාද කියලා.
කිසිම සුදුසුකමක් නැති දේශපාලඥයින්ට රැවටුනේ ඔබයි. ඔවුන්ව ජනාධිපති පුටුවට පාර්ලිමේන්තුවට පලාත් සභාවට ප්‍රදේශීය සභාවට පත්කරලා යැව්වේ මේ රටේ ජනතාවයි. මින් ඉදිරියට ඔබේ ඡන්දය උගත් බුද්ධිමත් දැක්මක් ඇති අපේක්ෂකයන්ට පක්ෂ පාට නොබලා භාවිතා කරන්න. එහෙම අය ඔබේ පලාතේ නැත්නම් ඔබේ ඡන්දය කටුගාලා එන්න. නොදා හිටියොත් ඔබේ ඡන්දය හොරාට දගන්න තරම් අපේ රටේ ඡන්දපොල නිලධාරීන් දුෂිතයි. ඒනිසා සුදුසු පුද්ගලයින් නැත්නම් ඡන්දය කටුගාලා එන්න.
3. සංහිදියාව නොමැතිකම
මතුපිටින් නොපෙනුනත් අපේ රටේ දියුණුව වලක්වපු එක් හේතුවක් වුයේ ජාතීන් අතර සමගිය නැත්නම් සංහිදියාවක් නොමැති වීමයි. හිත යටින් අනිත් ජාතීන්ට වෛර කරන මිනිසුන් බොහොමයක් මේ රටේ ඉන්නවා.
හිතන්න සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු තුන්දෙනෙක් වලකට වැටිලා ඉන්නවා. ටික දවසක් වල තුල සිටියොත් එක්කො කෑම නැතිව මැරිලා යනවා නැත්නම් සත්තුන්ගේ ගොදුරක් බවට පත්වෙන්න සිද්ධ වෙනවා. ඒ තුන්දෙනා කල යුත්තේ ජාතිය ජම්මය මතක් කර කර කුලල්කා ගෙන ඉන්න එකද නැත්නම් සමගි වෙලා වලෙන් ගොඩ ඇවිත් තම තමන්ගේ ජිවිත ආරක්ෂා කරගන්න එකද..
ලංකාවත් දැන් වැටිලා ඉන්නේ මේ වගේ වලක තමයි. වල උඩ ඉදන් ලෝකයේ අනිත් රටවල් අපිට හිනාවෙනවා. අපි කල යුත්තේ සියලු ජාතින් වල මිනිසුන් සමගි කරන් මේ වලෙන් ගොඩ ඇවිල්ලා ලෝකයේ අපේ තැන අරගන්න එක.
4. සත්‍ය වසන් කරනා ජනමාධ්‍ය
ලංකාවෙ දේශපාලනය හා ජනමාධ්‍ය ගමන් කරන්නේ එකටය. ලංකාවේ සියලු ජනමාධ්‍ය වල හිමිකරුවන් එක්කො දේශපාලඥයින් නැත්නම් ඔවුන්ගේ ඥාතීන් නැත්නම් දේශපාලඥයින් හොරකම් කල මුදල් ආයෝජනය කල නියෝජිතයින්ය. ඔවුන් පුවත් වාර්තාකරණයේ යෙදෙන්නේ තමන්ගේ දේශපාලන ස්වාමියා රජ කිරීමට හො ආරක්ෂා කිරීම වෙනුවෙනි. ඒ නිසා කිසි විටකත් සත්‍ය නිවරදිව එලියට පැමිණීමක් ජනප්‍රිය මාධ්‍යයන්ගෙන් අපේක්ෂා නොකරන්න. බොහොවිට ලංකාවේ මාධ්‍ය මගින් සිදුවන්නේ කුඩු එතනොල් මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් මැරයින් මෝඩයින් වීරයින් කිරීමය. ජාතිවාදී අදහස් ඇත්තන්ගේ අදහස් වලට ඉඩක් ලබාදී ජාතිවාදය වැපිරීමය. සියලු භාෂා වල මාධ්‍ය ආයතන ලංකාවේ සිදුකරන්නේ මෙයයි.
මාධ්‍ය සදහා සදාචාරයක් නිතී පද්ධතියක් ලංකාවේ නෑ. බොහොමයක් වාර්තා වන්නේ වැරදි තොරතුරුය. නිවරදි තොරතුරු වලට ඉඩක් නැති තරම්ය. ලංකාවෙ විනාශයට එක් ප්‍රධාන හේතුවකි ජනමාධ්‍යයි.
5. අකාර්යක්ෂම රාජ්‍ය සේවය
ලංකාවේ පුරවැසියෙක් වැඩක් කරගන්නට රාජ්‍ය ආයතනයකට යන එක තරම් කරුමයක් මේ ලොවෙත් නැතුව ඇති. රාජ්‍ය සේවකයින් කම්මැලියන් බව ප්‍රසිද්ධ රහසක් වී තිබේ. ඔවුන් වැඩ කරන වට වඩා කල්මරන්න දක්ෂයි. පගාව දුන් විට ඉක්මණින්ම වැඩේ කරගන්න පුලුවන්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. එක් හේතුවක් තමයි දේශපාලඥයින්ගේ වුවමනාවට සේවකයින් බදවා ගැනීම. සුදුසුකම අනුව නෙමෙයි ඔවුන් බදවා ගෙන තියෙන්නේ. සුදුසුකම් නැති මිනිස්සු ඒ තැන් වලට පත් වුනාම ඒ තනතුරේ වැඩ හරියට කරන්න බැරි වෙනවා. ආයතනයම ආකාර්යක්ෂම වෙනවා.
ලංකාවේ රාජ්‍ය ආයතන වල ක්‍රියාවලිය පාලනය වෙන්නේ ආයතන සංග්‍රාහය කියන ලියවිල්ලක් මගින්. එකට අනුව තමයි රාජ්‍ය ආයතන වල වැඩ කරන්න ඕනි. මේ ආයතන සංග්‍රහය හදලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයින් ලංකාව පලානය කරන කාලේ රාජ්‍ය ආයතන වල වැඩ කරගන්න. රාජ්‍ය ආයතන වල වැඩ කරන ස්වදේශිකයන් හොර වැඩ කරයි කියලා බයට ඔවුන් එක් වැඩක් කොටස් ගණනාවකට කඩලා ඒවා අනුමත කරන්න නිලධාරීන් ගණනාවක් පත් කලා. මේ නිසා ඉක්මණින් කරගන්න පුලුවන් වැඩේ තවත් පරක්කු වුනා. කාලයක් ගියාම රජයේ වැඩ ඉක්මණින් කරලා දෙන්න මිනිස්සුන්ට පගාව දෙන්න සිදුවුනා. 4 දෙනෙක් කරන්න ඕනි වැඩේ කරන්න හත් අටදෙනෙක් ඉන්නවා. ඉතින් ඔවුනට ලොකු වැඩකුත් නෑ. තියෙන වැඩේ හිමිට කරගෙන ඉන්නවා.
රාජ්‍ය ආයතන බිහිකරලා තියෙන්නේ බදු ගෙවන රටේ පොදුජනතාවට ඉක්මණින් කාර්යක්ෂම සේවයක් සපයගැනිමට. නමුත් අපිට වෙලා තියෙන්නේ අපේ ගෙවන බදු මුදල් වලින් පඩිගන්න රාජ්‍ය සේවකියන්ගෙන් බැනුම් අහගෙන අපේ වැඩේ කරගන්න. ඔවුන්ට පගාව දීලා අපේ වැඩෙ කරගන්න.
එවගේම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තියෙනවා නම් පවතින ආන්ඩුවකට තමන්ගේ ප්‍රතිපත්ති ඉක්මණින් ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්. නමුත් ලංකාවේ ආයතන සංග්‍රහය නිසා රාජ්‍ය සේවයේ අකාර්යක්ෂ බව නිසා මොන ආන්ඩුවකටවත් තම කාර්යයන් හරියට ඉටු කරන්න බෑ හරි ආකාරව.
ඔන්න ඔක තමයි අපේ රටේ තත්වය. ලංකාව නැවත හදන්නන නම් ගොඩක් දෙවල් කරන්න වෙනවා කියලා පේනවා නේද.
අග්ගමහා පන්ඩිත අති පුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවො වරක් කිව්වා මිනිස්සු හැදෙන්නේ නැතව කවදාවත් රටක් හදන්න බෑ කියලා ... ඒ හින්දා මිනිසා හදා රට හදමු කියලා.
ඒ නිසා මුලින්ම අපි හැදෙමු එතකොට රට ඉබේම හැදිලා තියෙයි.
මේ ලිපිය මිතුරන් අතරේ share කරන්න
මේ ලිපිය මිතුරන් අතරේ share කරන්න
- Get link
- X
- Other Apps


Comments
Post a Comment