ලෝකයේ සුවිසල් බුද්ධ ප්‍රතිමා - Top 10 Biggest Buddha Statues 2018




විඩියෝව මෙතනින් බලන්න



10. අලුත්ගම කන්දේ විහාරයේ බුද්ධ ප්‍රතිමාව

අලුත්ගම කන්දේ විහාරයේ අධිපති බටුවන්හේනේ බුද්ධරක්ඛිත නායක හිමියන් හා පිරිවෙනාධිපති යටදෝලාවේ ආරියවංශ හිමියන්ගේ මුලිකත්වයෙන් 2002 වර්ෂයේ මේ  ප්‍රතිමාව ඉදිකිරීම් ආරම්භ කරලා තියෙනවා. 2007 වර්ෂයේදී වැඩ අවසන් කර මහජනතාවට වන්දනාමාන කරන්නට අවස්ථාව සලසා දීලා තියෙනවා . මේ ප්‍රතිමාව අඩි 160ක උසයි. ලංකාවේ උසම බුද්ධ ප්‍රතිමාවත් මේ කන්දේ විහාරයේ බුද්ධ ප්‍රතිමාවයි.


9. Buddha Dordenma Statue
අඩි 169ක් උස මේ ප්‍රතිමාව පිහිටලා තියෙන්නේ භූතානයේ අගනුවර වන තිම්පු නුවර. ගෞතම බුදුපියාණන්වහන්සේ මෙයින් නිරුපනය වෙනවා. මේ පිලිමය හදලා තියෙන්නේ භුතානයේ හිටපු රජු වත්මන් රජුගේ පියාණන්ගේ 60 වෙනි උපන්දිනය සැමරීමට. මේ සදහා ඩොලර් මිලියන 100ක් පමන වැය වී තිඛෙනවා. චීනය ඇතුලු විවිධ රටවල සමාගම් හා පුද්ගලයින්ගේ මුදල් දායකත්වයෙන් මේ ප්‍රතිමාව හදලා තියෙන්නේ. මේ පිලිමය වැඩ සිටින්නේ විශාල ගොඩනැගිල්ලක් මත. ඒ ගොඩනැගිල්ල තුල මේ පිලිමයේ රන් අලේපිත තඹ අනුරු 125,000 ක් වැඩ සිටිනවා.

8. Laughing Budda Statue
මේ ප්‍රතිමාව නම් ලංකාවේ ඔබට තරමක් හුරුපුරුදු ඇති. මේකට අපි කියන්නේ ලාෆින් බුද්ධා කියලනේ. ලාෆින් බුද්ධා කියන්නේ මෛත්‍රී බුදුන්ට යන්න ආසියා පැසිෆික් බෞද්ධ රටවල් විශ්වාස කරනවා. මේ ප්‍රතිමාව පිහිටලා තිඛෙන්නේ තායිවානයේ හිසින් ශු පලාතේ. මේ මෛත්‍රී බුදුන්ගේ ප්‍රතිමාවේ උස අඩි 189කි.

7. Phra Maha Muni Phuttha Ratana Mongkhon
තායිලන්තයේ පිහිටලා තියෙන මේ ප්‍රතිමාවෙ නම තමයි Phra Maha Muni Phuttha Ratana Mongkhon.. මේ ප්‍රතිමාව පිහිටලා තියෙන්නේ තායිලන්තයේ රෝයි එට් කියන පලාතේ  Wat Burapha Phiram කියන පන්සලේ. මේ ප්‍රතිමාවේ උස අඩි 194යි. මෙය හිටි පිලිමයක්. ටිකක් අමුතු හැඩයක් තියෙන්නේ. ගෞතම බුදුන් වහන්සේ මෙයින් නිරුපනය වෙනවා.

6. The Leshan Giant Buddha 
The Leshan Giant Buddha ප්‍රතිමාව පිහිටලා තියෙන්නේ චීනයේ Shichuan පලාතේ  Leshan     කියන නගරය ආසන්නයේ. ඛැිය්බ නගරයේ තියෙන ෑපැස කියන කන්දෙ කොටසක් හාරලා තමයි මේ දැවැන්ත බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. The Leshan Giant Buddha ප්‍රතිමාව අඩි 231ක් උසයි.  මෛත්‍රී බුදුන් මෙයින් නිරැපණය වෙනවා. මේ ප්‍රතිමාව හදන්න පටන් අරන් තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 713දි. නිමකරලා තියෙන්නේ 803 වර්ෂයේදි.
මේ ප්‍රතිමාව නිර්මාණය කිරිමේ පසුබිම ලස්සන කතාවක් තියෙනවා. මේ ප්‍රතිමාව ඉදිරියෙන් තියෙන්නේ මින් සහා ඩබු කියන ගංගා දෙක එකතුවෙන ස්ථානයක්. එතන ගගේ සැඩ පහර වැඩියි. ගොඩක් නෞකා මේ සැඩ පහර නිසා විනාශ වෙලා තියෙනවා. මේ බුද්ධ ප්‍රතිමාව ඉදි කරන්නට මුලිකවෙලා තියෙන්නේ Hai Tong කියන හිමි නමක්. මින් හා ඩබු කියන ගංගා දෙකේ සැඩ පහර අඩු කරලා ජලය සංසුන් කිරිම අරමුණු කරගෙන  තමයි උන්වහන්සේ මේ The Leshan Giant Buddha ප්‍රතිමාව හදලා තියෙන්නේ. මේ ප්‍රතිමාවෙන් ඉවත්කරන ගල් හා පස් ගංගා පතුලේ තැන්පත් කිරීමෙන් සැඩ පහර අඩුවී තිඛෙනවා. කොහොමහරි මේ ප්‍රතිමාවේ වැඩ බාගෙට කරමින් තියෙන කොට Hai Tong හාමුදුරැවො අපවත්වෙලා තියෙනවා. ඉටපස්සේ අවුරැදු 70ක් විතර යනකන් මේ ප්‍රතිමාව හදන එක නවත්වල තියෙනවා සල්ලි තිබුනේ නැති නිසා. ඉටපස්සේ පලාතේ වෙලදුන් හා Hai Tong ්හාමුදුරැවන්ගෙ අනුගාමිකයින් එකතුවෙලා මේ බුද්ධ ප්‍රතිමාව නිමකරලා තියෙනවා. මේ ප්‍රතිමාව ආවරණය කරමින් තට්ටු 13කින් සමන්විත ගොඩනැගිල්ලක් ලී වලින් හදලා තිබිලා තියෙනවා. මොංගෝලියානු හමුදා ආක්‍රමණයත් සමගම ඒ ලී ගොඩනැගිල්ල විනාශ වී තිඛෙනවා. කාලගුණනික බලපෑම් මත මේ ප්‍රතිමාව විනාශ වීමේ තර්ජනයකට මුහුණ පාල තියෙනවලු. චීන රජය ප්‍රතිමාවට සංරක්ෂණය කරන්නත් පොරොන්දුවෙලා තියෙනවලු.

5. Grand Buddha at Ling Shan
පස්වෙනි තැනට උසම බුද්ධ ප්‍රතිමාව පිහිටා තිඛෙන්නේ චීනයේ ජියැන්ග්ෂු ප්‍රාන්තයේ වුක්ෂි කියන නගරයේ ලොන්ග්ෂාන් කන්දේ. මේ ප්‍රතිමාවේ උස අඩි 289ක්. තඹ වලින් නිර්මාණය කරලා තියෙන්නේ. බර ටොන් 700ක්. 1996 දී තමයි මේ ප්‍රතිමාවේ වැඩ අවසන් කරලා මහජනතාවට විවෘත කරලා තියෙන්නේ. මහායාන බෞද්ධ දර්ශනයට අනුව මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ අමිතභා බුදුන් සිහිවෙන්න.


4. Great Buddha of Thailand
හතර වැනියට උසම බුදු පිලිමය. ගෞතම බුදුරජාණන්වහන්සේ මේ පිලිමයෙන් නිරුපණය වෙනවා. මේ ප්‍රතිමාව හිදි පිලිමයක්. Great Buddha of Thailand ප්‍රතිමාවේ උස අඩි 300ක් පලල අඩි 210ක්. ප්‍රතිමාව කොන්ක්‍රීට් වලින් හදලා රත්තරන් අලේප කරලා තියෙනවා. තායිලන්තයේ  Ang Thong  කියන ප්‍රදේශයේ මේ ප්‍රතිමාව පිහිටලා තියෙන්නේ.  Ang Thong  කියන නමේ සිංහල තේරුම රත්තරන් නැලිය කියන නමයි. මේ ප්‍රදේශයට ඒ නම ලැබිලා තියෙන්නේ ප්‍රදේශයේ වැවෙන සහල රත්තරන් පාට නිසා. මේ ප්‍රතිමාව නිර්මාණය කිරීම ආරම්භ කරලා තියෙන්නේ 1990 වර්ෂයේ. 2008 වර්ෂයේදී තමයි වැඩ නිමකරලා තියෙන්නේ.


3. Ushiku Daibutsu
තුන්වැනියට විශාලතම බුද්ධ ප්‍රතිමාවට කියන්නේ ... මේ ප්‍රතිමාව පිහිටලා තියෙන්නේ ජපානයේ ඉබරාකි දිස්ත්‍රික්කයේ උශිකු කියන නගරයේ. මේ ප්‍රතිමාවෙන් පෙන්වන්නේ අමිතබා බුදුන්. මහායාන බුද්ධාගමේ උගන්වන බුදුවරයෙක් තමයි අමිතභා බුදුන් වහන්සේ.  ප්‍රතිමාව අඩි 360ක් උසයි. ඉදිකිරීම් අවසන් කරලා තියෙන්නේ 1993 වර්ෂයේ. මේ ප්‍රතිමාවේ අභ්‍යන්තර ස්ථර 4කට ගොඩනගලා තියෙනවා.

පලමු ස්ථරය නම් කරලා තියෙන්නේ නිමනොවන ජිවිතය හා අලෝකය නමින්.
දෙවන් ස්ථරය හදලා තියෙන්නේ බෞද්ධ අධ්‍යාපනය සදහා
තුන්වන ස්ථරය තුල තියෙන්නේ රත්තරන් බුද්ධ ප්‍රතිමා 3000ක්
හතරවන ස්ථරයේ ඉදන් අරාමය හා උද්‍යානය නැරඹිය හැකිය.

මේ ප්‍රතිමාව ඉදිකර තිඛෙන්නේ ජපානයට සෙන් බුද්ධාගම හදුන්වා ශින් රන් නම් හාමුදුරුවන් සිහිවෙන්නටය.

2. Laykyun Sekkya
දෙවැනියට  විශාලතම බුද්ධ ප්‍රතිමාව පිහිටා තිඛෙන්නේ බුරුමයේ සයිගේන් ප්‍රාන්තයේ මොනිවා කියන නගරයේ. මේ ප්‍රතිමාව නම් කරලා තියෙන්නේ කියන නමින්. මේ බුද්ධ ප්‍රතිමාවෙන් ඉස්මතු වන්නේ ගෞතම බුදුරජාණන්වහන්සේය. මේ ප්‍රතිමාව අඩි 381ක් උසයි. තට්ටු 31කින් මේ ප්‍රතිමාව ඉදිකරලා තියෙන්නේ. මේ ප්‍රතිමාවේ ඉදිකිරීම් ආරම්භ කරලා තියෙන්නේ 1996දී. ඉදිකිරීම් අවසන් කරල තියෙන්නේ 2008 වර්ෂයේ. මේ තට්ටු 31කෙන් සංඛේත වන්නේ බුදුදහමේ ඉගෙන්වෙන අරුප ලෝක රූප ලෝක වැනි ලෝක 31 ගැනයි.

මේ බුද්ධ ප්‍රතිමාව ඉදිවි තිඛෙන්නේ මහා බෝධි ටාටෝන්ග් කියන මහා විහාරයේ. මේ මහා විහාරයේ නමේ අර්ථය තමයි බෝ රුක් 1000ක් යන්න. බුරුමයේ බෞද්ධයින් ඉතා ගෞරවාදරයෙන් බුහුමන් කරන නාරද නම් වු මහ නායක හිමි නමක් තමයි මේ පන්සල 1960 දී ආරම්භ කරලා තියෙන්නේ. මුලින්ම අක්කර 15ක බෝ පැල 1000ක් පැල කරලා තියෙනවා. අද වෙනකොට මේ පන්සලේ විශාලත්වය අක්කර 250ක්. සිටුවා ඇති බෝ ගස් ප්‍රමාණය 9000ක්.


1. Spring Temple Buddha
ලෝකයේ ලොකුම බුදු පිලිමය වගේම ලොකයේ  ලොකුම පිලිමය Spring Temple Buddha නම් ප්‍රතිමාවයි. මේ ප්‍රතිමාව උස අඩි 420ක්. එක ලෝකයේ අනිත් ප්‍රතිමා එක්ක සංසන්දනය කලාම ඔබට අවබෝධ වේවි මේ ප්‍රතිමාව කොතරම් ලොකුද කියලා. Spring Temple Buddha ප්‍රතිමාව අඩි 82කක් උස ආරාමයක් උඩයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අරාමයත් එක්ක මේ ප්‍රතිමාවේ උස අඩි 502කක් වෙනවා. මේ ප්‍රතිමාව පිහිටලා තියෙන්නේ චීනයේ හෙනන් කියන ප්‍රාන්තයේ ලුශාන් ගම්මානේ .
මේ ප්‍රතිමාව හදන්න ඩොලර් මිලියන 55ක් අයෝජනය කරලා තියෙනවා. 1997දී හදන්න පටන්ගත්ත ප්‍රතිමාව හදලා ඉවරකරලා මහජනයාට විවෘත කරලා තියෙන්නේ 2008 වර්ෂයේදී.




Comments