- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
විඩියෝව මෙතනින් නරඹන්න
මේ avengersලා නිර්මාණය කරලා තියෙන්නේ mavel කියන සමාගම. marvel සමාගම මේ avengersලා නිර්මාණය කරන්නේ එයාලගේ cosmics books වෙනුවෙන්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ චිත්‍රකතා වලට. අපි දන්න ගොඩක් super heroesලා අයිති marvel සමාගමට. Super Man, Bat Man, Wonder Woman, Flash, Aqua Man, Arrow වගේ කිහිප දෙනෙක් හැර අනිත් අය අයිති Marvel සමාගමට.
දැනට ඇවිත් තියෙන සේරම avengers movies කොටස් 3 කට බෙදනවා. phase 1 එකට අයිතිවෙන්නේ Iron Man 1, Incredible Hulk, Iron Man 3, Thor 1st movie එක, Captain America: The First Avenger සහ Avengers 1st movie එක.
phase 2 එකට අයිති වෙන්නේ Iron Man 3, Thor: The Dark World, Captain America: The Winter Soldier, Guardian of the Galaxy, සහ Ant Man යන movies.
Phase 3 එකට Captain America: Civil War, Doctor Strange, Guardians of the Galaxy 2, Spider Man: Homecoming, Thor: Ragnarok, Black Panter, Avengers: Infinity War, Ant-Man and the Wasp, Captain Marvel, සහ Avengers: Infinity War Sequel කියන movies අයිති වෙනවා. මෙතනින් Captain Marvel, සහ Avengers: Infinity War Sequel යන movies දෙකම 2019 වසරේ පෙන්නන movies.
2008 ඉදන් මේ දක්වා avengersලගේ movies 19ක් තිරගත වෙලා තියෙනවා. avengers infinity war ඇරැනාම ඉතිරි සියලුම චිත්‍රපටි 18න් ඉපයු ආදායම ඩොලර බිලියන 15ක් පමන වෙනවා. ලංකාවේ මුදලින් රැපියල් බිලියන 2380ක් පමණ.
දැන් අපි avengersලගේ කතාවට බහිමු.
අපි කිව්වනේ Avengers movies එකිනෙකට link වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදියට තමයි ඒ link එක හැදෙන්නේ..
මුලින්ම බලමු Phrase 1 එකේදි මොකද.වෙන්නේ.කියලා..
Phrase 1 එකේදි වෙන්නේ avengersලව හදුන්වා දීම SHEILD කියන සංවිධානය මොකක්ද කියලා හදුන්වාදීම හා Space Stone එක හදුන්වාදීම. Phrase 1 එකේදි හදුන්වා දෙන ප්‍රධානම avengersලා හතරදෙනා තමයි Iron Man, Incredible Hulk, Thor සහ Captain America. මේ ප්‍රධාන avengersලා හතර දෙනා හදුන්වා දෙමින් චිත්‍රපට 5ක් එලියට එනවා. ඊට අමතරව පිටසක්වලින් පෘථිවියට ආක්‍රමණයක් ඇති වුනොත් කොහොමද එයට මුහුණ දෙන්නේ කියන කාරණය අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙන SHIELD ආයතනය ගැනත් මේ avengers phrase 1 movies වලින් කියවෙනවා. space stone එක ගැන කියවෙන්නේ Captain America: The first avenger කියන marvel 5 වෙනි movie එකේදි. space stone එක හොයාගන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේ නාසි හමුදා ජෙනරාල්වරයෙකු වෙන යොහාන් ස්චිමිඩ්ත්. එය ඔහු විසින් හොයා ගන්නේ නොර්වේ රාජ්‍යයේ ඇති ටෙන්ස්බර්ග් කියන කුඩා ගමමානයේ ඇති පල්ලියක බිත්තියේ අබලා තියෙන ගසක රෑපයක පහල කොටසින් රහසේ සගවා ඇති ලාච්චුවකිනි. මේ ගස තුලින් කියවෙන්නේ පෘථිවිය මැදි කරගත් රාජධානි 9 ගැන. ඒ ගැන අපි වෙනම විස්තරයක් තවත් විඩියො එකකින් අරගෙන එන්නම්. එ වගේම නොර්වේ වල ටෙන්සබර්ග් ගම්මානයේ මේ space stone තැන්පත් කරලා තියෙන්නේ Thorගේ තාත්තා වන Ordin රජතුමා විසින්.
මේ space stone එක දාලා තියෙන සමචතුරාස්‍රකාර මංජුසාවට කියන්නේ tesseract කියලා. යොහාන් ස්චිමිඩ්ත් මේ tesseract එක අරගෙන යන්නේ නාසි හමුදා රහස් විද්‍යා පර්යේෂණ එකකය වන Hydra වෙත. එතනදි මේ tessaract එක හරහා ලෝකය අල්ලා ගන්න පහසු කරන දරැණු ආයුධ සහ බොම්බ නිෂ්පාදනය කරනවා. අවසානයේ captain america පැමිණ යොහාන් ස්චිමිඩ්ත්ගේ ආයුධ විනාෂ කර දමනවා. tesseract එක ආක්ටික් සාගරයට වැටෙනවා.
මේ ආක්ටික් සාගරයට වැටෙන tesseract එක Howard Stark විසින් ගොඩ අරගෙන SHIELD සමග එකතුවෙලා අලුත් ආයුධ හා arc reactor එකක් හදන්න පර්යේෂණ කරනවා. Howard Stark කියන්නේ Tony Stark Iron Manගේ තාත්තා. Captain Americaව හදන්න උදව් කරන්නෙත් Howard Stark. Howard Starkගෙන් පස්සේ tesseract එක තියෙන්නේ SHIELDලා ලග. SHIELD ආයතනයේ අධ්‍යක්ෂක Nick Fury Thor කතාවෙදි අපිට මුණ ගැහෙන Eric Selvij කියන විද්‍යාඥයා SHIELD ආයතනයට බදවා ගන්නවා. ඔහුව tesseract එක හරහා විශ්වයට දොරටුවක් විවෘත.කරගැනිම සදහා පර්යේෂණ කරන්න යොමු කරනවා.
මේ අතරේ Thor පලමු චිත්‍රපටියේ thor විසින් පරාජය කල ඔහුගේ සොහොයුරා Loki the Other කියන පුද්ගලයෙක්ව මුණගැහෙනවා. ඒ පුද්ගලයා හරහා Loki thanos කියන බලවත් නායකයෙක්ට එක් පොරොන්දුවක්.දෙනවා. ඒ තමයි පෘථිවියේ තියෙන tesseract එක thanosට ගෙනත් දෙන එක. ඒ පොරොන්දුව ඉටු කරන්න thanos යටතේ තියෙන චිටොරි හමුදාව පෘථිවිය අල්ලා ගෙන ඔහුට පෘථිවියේ රජ වෙන්නට ඉඩ ලබා දෙන ලෙස Loki Thanosගෙන් ඉල්ලනවා. Thanos ඒ ඉල්ලීමට එකගවෙලා චිටෝරි හමුදාව පෘථිවිය වෙත එවනවා. Avengers first movie එකේදි වෙන්නේ avengersලා Lokiගෙන් හා චිටෝරි හමුදාවෙන් පෘථිවිය හා tesseract එක බේරගන්න සටන් කරන එක. අවසානයේදි avengersලා ජයගන්නවා. Thor විසින් Lokiව හා tesseract එක ඔහුගේ රාජධානිය වන Asguard වෙත රැගෙන යනවා. Thanosව පලමු වරට ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට ලැබෙන්නේ Avengers first movie එක අවසානයේදීයි.
marvel avengers movies වල phrase 2 එක හා 3 එක ගැන කියවෙන වීඩියො එකක් සමගින් අපි නැවතත් මුන ගැහෙමු. කටුසටහන් YouTube චැනල් එකට subscribe කරන්න අමතක කරන්න එපා. එවගේම subscribe button එක ලගින්ම තියෙන බෙල් ලකුණ ක්ලික් කරලා අලුත් විඩියො upload කරපු සැනින් දැනගන්න..
යහලුවෝ අතර මේ විඩියෝ එක Share කරන්න
avengers explained in sinhala
avengers infinity war sinhala
avengers phase 1 sinhala
Avengers sinhala
avengers sinhala video
katusatahan
katusatahan videos
T
- Get link
- X
- Other Apps
Comments
Post a Comment