- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
ඩුබායි කියලා ඇහුවම ඔයාලට මතක් වෙන්නේ ලෝකය ඇස් අරවන බිල්ඩින් ප්‍රොජෙක්ට කරන මහා නගරය ලෙසනේ. බජ් කලීෆා බජ් අල් අරාබ්, ඇට්ලාන්ටිස් හෝටලය, අලංකාර දූපත් වතුර උද්‍යාන වලින් සමන්විත අලංකාර නගරයක් ලෙස තමයි අපි ඩුබායි දැකලා තියෙන්නේ. අවුරුදු 20කට පෙර කාන්තරයක්ව තිබු ඩුබායි අද ලෝකයේ දැවැන්තම කොස්මොපොලිටන් නගරයක් බවට පත්වී තිඛෙනවා. මේ කාලය ඇතුලත ඩුබායි හි ජනගහනය සිව්ගුණයකින්ද, සංචාරක පැමිණීම 9 ගුණයකින්ද ආර්ථිකය 8 ගුණයකින්ද වැඩී වී තිඛෙනවා. ඔයාලා හිතන්නේ තෙල් සල්ලි වලින් මේ තරම් සුවිශාල නගරයක් හැදුවා කියලද.. උත්තර නැත යන්නයි.
තෙල් නැතිව ඩුබායි දියුණු වුන හැටි දැන ගන්න අද කටුසටහන් වලින්....
ඩුබායි යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ප්‍රාන්ත 7න් ප්‍රධානම ප්‍රාන්තයකි. එහි එමීර්වරයා වන මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් එමීර් රාජ්‍යයේ අග්‍රාමත්‍යවරයායි. එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා වන්නේ අබුඩාබි ප්‍රන්තයේ පාලකයා වන කලීෆා බීන් සහීඩ් අල් නහ්යාන්ය. ඉස්ලාමීය රාජ්‍යයක් වුනත් අනිත් සියලු රාජ්‍යයන්ට වඩා ඩුබායි රාජ්‍යයේ ඉස්ලාමීය නීති ලිහිල්ය. කාන්තවන්ට නිදහසේ හැසිරෙන්නත් මත්පැන් පිලිබද ඉතා ලිහිල් නීතිත් ඩුබායි නගරයේ පවතිනවා. ඩුබායි පොලිස් සේවයෙත් කාන්තාවන් කටයුතු කරනවා. ඩුබායි පොලිසිය සිය සේවාවන් සදහා භාවිතා කරන්නේ ලැම්බෝගිනි හා ෆෙරාරි රථයි. ලෝකයේ මොන රටේද මෙවගේ විකාර දකින්න පුලුවන්.. විකාරම නෙමෙයි..
ඩුබායි මෙතරම් සාර්ථක නගරයක් බවට පත්වුනේ කොහොමද කියලා ඇහුවොත් ඔයලා කියයි තෙල් සල්ලි වලින් කියලා. එතන පොඩි ඇත්තක් තිබුනත් ඇත්තම රහස ඊට වඩා වෙනස්.
ඩුබායි ප්‍රන්තයේ පුරා ඇති තෙල් නිධි ගත්තොත් එවා අනිකුත් අරාබි ප්‍රදේශවල ඇති තෙල් නිධි වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා තෙල් නිධිවේ. ඩුබායි ආර්ථිකයට තෙල් වලින් ලැඛෙන්නේ 5%කටත් අඩු දායක්ත්වයකි. පුදුමයි නේද?
තෙල් වලින් යැපෙන්නේ නැතුව ඩුබායි දියුණු කලේ කොහොමද..
මෙතරම් පොහොසත් මිනිසුන් ඉන්න රටක් කලේ කොහොමද..
තෙල් සම්පතින් පොහොසත් අනිත් අරාබි රටවල් පහුකරලා ඩුබායි දියුණුවුනේ කොහොමද?
එක තමයි දැවෙන ප්‍රශ්නේ..
ඩුබායි පාලකයින් හරි සරල දෙයක් කලේ..
ලෝකයේ ලොකුම බහුජාතික සමාගම් හා වෘත්තිකයින් තමන්ගේ රටට අකර්ෂණය කරගත්තා..
කොහොමද ඒක කලේ...
සරල ක්‍රම දෙකක් ඔවුන් අනුගමනය කලා..
එකක් අසීමිත බදු සහන.. දෙක විදේශික සමාගම් වලට ඉඩම් හිමිකාරත්වය ලබාදීම පහසු කිරීම.
අපේ රටේ බදු සහන දුන්නා නම් අපේ රටේ උදවිය කියන කතා බලමු..
අධිරාජ්‍යවදී ගැත්තන් වන බහුජාතික සමාගම් වලට බදුසහන ලබාදීලා ඔවුන්ව රට ඇතුලට එන්න දීලා අපේ මතෘභූමිය අධිරාජ්‍යවදීන්ගේ කොලනියක් බවට ආන්ඩුව පත් කරනවා - විමල් වීරවංශ
මේ ආන්ඩුවේ ගජමිතුරු විදේශීය සමාගම්වලට බදු සහන දීල රටට එන්න ඕනි ආදායම් නවත්වල තියෙනවා. මෙවා කරන්න ඕනි වැඩද අප්පා - අනුර කුමාර දිසානායක
අපේ කාලේ මෙහෙම වුනේ නෑ හාන්දුරුවනේ - මහින්ද රාජපක්ෂ
බදු සහන ලබදුන්නේ මෙහෙමයි.. ව්‍යාපාරවල ලාභය මත බදු අයකරන්නේ නැ.. එනිසාම බහුජාතික සමාගම් බොහොමයක් ලේසියෙන්ම ඩුබායි කරා ආකර්ෂණය වුනා..
වෘත්තිකයන් සදහා ආදායම් බදු අයකරන්නේ නැ.. ඒ නිසාම ලෝකයේ හොදම වෘත්තිකයින් බය නැතුව ඩුබායි වලට පැමිණ බහුජාතික සමාගම් වල වැඩකරලා හොදට සල්ලි හම්බුකරගෙන ජිවත් වෙනවා..
භාන්ඩා හා සේවා සදහා අයකරන වැට් වැනි බදු වර්ගද ඩුබායි වල නැහැ. ඒනිසාම සුඛෝපභෝගී භාන්ඩ හා සේවා වල මිලගණන් අනිත් රටවලට වඩා ඩුබායි වල මිල අඩුයි. සංචාරකයින් ෂොපින් කරන්න ඩුබායි වලට යන රහස එයයි. එහෙම ෂොපින් කරන්න එන අය ඩුබායි වලට ඇවිත් නිකන් ඉන්නේ නැ. සල්ලි වියදම් කරලා විනෝද වෙන්න කැමතියි. ඉතින් ඒ සදහා විනෝද උද්‍යාන හෝටල් ෂොපින් මෝල් වලට ආයෝජනය කරන්න ඩුබායි රට මිනිසුන්ව දිරිමත් කරනවා. ඒ මගින් අලුත් ව්‍යාපාර වගේම ඇලුත් රස්සා බිහිවෙනවා.. ආර්ථිකය දෙගුණයකින් දියුණු වෙනවා.
විදේශ විනිමය රටට ගලාගෙන එනවා.. අපේ රටේ සමහරුන්ට නොතේරෙන දේවල් තමයි ඔය..
විදේශ විනිමය රටට ගලාගෙන එනවා.. අපේ රටේ සමහරුන්ට නොතේරෙන දේවල් තමයි ඔය..
ඩුබායි වල විශේෂ ආර්ථික කලාප පිහිටුවලා තිඛෙනවා. මෙවා පිහිටුවිමේ අරමුණ ව්‍යාපාර වැඩි වැඩියෙන් ආකර්ෂනය කර ගැනීම. මේ ආර්ථික කලාප වලට ෂරියා නීතිය බලපාන්නේ නැ. ව්‍යාපාර ආකර්ෂණය කරගැනීමටම සකස්වු සුවිෂේශී නීති පද්ධතියක් තියෙනවා. ව්‍යාපාරිකයන්ට නිදහස් මනසකින් යුතුව ව්‍යාපාර කරගෙන යන්න ඉඩ කඩ හදලා තියෙනවා.
ඩුබායි ඉන්ටනැෂනල් ෆයිනැන්ස් සෙන්ටර් එකත් මේවගේ තැනක්.. එහි නීති පද්ධතිය පාලනය කරන්නේ බ්‍රිතාන්‍ය ජාතික විනිසුරුවරයෙක් විසින්.. ප්‍රධාන භාෂාව අරාබි භාෂාව නෙමෙයි ඉංග්‍රිසී භාෂාවයි. එහි මුදල් ගනුදෙනු වෙන්නේ ඩොලර් වලින් පමනයි.. ලංකාවේ ප්‍රභල දේශපාලන පවුලක සමාජිකයින්ගේ මුදල් තැන්පත් කරඇත්තේද මේ කලාපයේ ඇති බැංකුවකය.
ලංකාවේ එහෙම කලාපයක් හැදුවා නම් මෙන්න මෙහෙම කියන අයත් ඉදියි..
මේ ආන්ඩුව අද රට ඛෙදලා කොටි ඩයස්පෝරාවේ සහය ලබන සුදු අධිරාජ්‍යවාදීන්ට රටේ වෙනම කොටසක් ලියාදීලා තිඛෙනවා.
- උදය ගම්මන්පිල -
ශක්‍රයාගේ පුතා වයිමා ආවත් අපි මේ වැඩේ කරන්න ඉඩ දෙන්නේ නෑ.
- බන්ධුල ගුණවර්ධන -
ඩුබායි ආර්ථික වර්ධනයට ලොකුම තල්ලුව වුනේ බදු අඩු කරපු එකම නෙමෙයි.. 2002දී ඩුබායි රජය විදේශියන්ට දේපල ඉඩකඩම් හිමිකාරත්වය සදහා අයෝජනය කිරීමට හැකිවන ලෙස නීති ලිහිල් කලා. එයින් පසු මහා පරිමාණ ආයෝජන ඩුබායි වලට ගලාගෙන එන්න පටන්ගත්තා. ලෝකයේ ප්‍රකට හෝටල් සිය හිමිකාරත්වය යටතේ සුවිසල් හෝටල් ඉදිකරන්නට පටන්ගත්තා. එවගේම ලෝකයේ ලොකුම බැංකු සිය මුදල් ඩුබායි වල වත්කම් සදහා ආයෝජනය කලා. එකක් ඉවර වෙනකොට තව අලුත් ව්‍යාපෘතික් ඩුබායි වල හැදෙනවා.
එවගේම ප්‍රතිඅපනයනය සදහාද ඩුබායි රජය ව්‍යාපාරිකයින් දිරිමත් කරනවා. ලෝකයේ 3 වැනියට විශාලම ප්‍රතිඅපනයනකරුවා ඩුබායි රටයි. එහි වටිනාකම ඩෝලර් බිලියන 50ක්.. ලංකාවේ මුදලින් නම් ඩොලර් බිලියන 7650ක්.
මේ විදියට තමයි තෙල්මත රැදෙන්නේ නැතිව ඩුබායි රාජ්‍ය ආර්ථික බලවතෙක් වුනේ. ඩුබායි රටට තෙල් තියෙන්නේ තව අවුරුදු විස්සකට පමනි. තෙල් වල මිලගණන්ද පහල යන නිසා තෙල් වලින් ලැඛෙන ආදයම අඩුවෙලා තියෙනවා. මේ නිසාම අනෙකුත් අරාබි රටවලුත් ඩුබායි මොඩල් එකම අනුගමනය කරනනයි දැන් හදන්නේ.
දකුණු අසියාවේ මේ වගේ මොඩල් එකක් නැති නිසා ලංකාවට ලොකු අවස්ථාවක් තිඛෙනවා මෙවැනි මොඩල් එකකට යන්න.. පරණ හනමිටි අදහස් අතහැරලා අලුත් විදියට හිතනවා නම් අපිටත් බලගතු ආර්ථිකයක් ගොඩනගා ගන්න පුලුවන්.
තව දෙයක් තියෙනවා කියන්න..
මේවන විට ඩුබායි වල ජිවත්වෙන ජනගහනට මිලියන 3ක් පමන වෙනවා..
එයින් 43%ක් ඉන්දියානුවන්, 23% එමීර් ජාතිකයින්, 17% පාකිස්ථානුවන්, 7.5% බංග්ලාදේශ් ජාතිකයින්, 4.3% පිලීපීන් ජාතිකයින්, 1.5% ශ්‍රී ලංකිකයින්...
යහලුවෝ අතර Share කරන්න
- Get link
- X
- Other Apps
Comments
Post a Comment