මේ දේවල් කලොත් 2019 වසරේ ජිවිතය ජයගන්න පුලුවන් - 2019 How to achieve your life Goals





වීඩියෝ එක බලන්න


2018 වර්ෂය ආරම්භ වෙනකොට ඔයා හිතාගෙන හිටපු   දේවල් වලින් කීයක් ජයගන්න ලැබුනද ලබාගන්න පුලුවන් වුනාද. සමහර විට එකක්වත් කරලා නැතුව ඇති නේද.. 2019 වසරෙත් එවගේම බලාපොරොත්තු ගොඩක් ඔයාට ඇති. අද කටුසටහනින් අපි කතාකරන්නේ යන්නේ 2019දී ඔබේ අරමුණු ජයගන්න හැටි.

සිහින සැලසූම් කිරීම
සැලසූම්කරණය කියන එක ආයතන වලට වගේම ජිවිතයටත් හරිම වැදගත් දෙයක්. ඔයා ඔයගේ ජිවිතේ හරියට සැලසුම් කරගත්තා කියන්නේ ඔයාගේ ජිවන අරමුණු වලට 50%කින් ලංවුනා කියන එක. 

මුලින්ම කොලයකුයි පෑනකුයි අරන් ඔයා 2019 ඉටුකරගන්න බලාපොරොත්තුවෙන දේවල් සේරම ලියාගෙන යන්න. ඔයාට කාර් එකක් ගන්න, ගෙයක් හදන්න, විභාග ඉවර කරන්න, කසාද බදින්න, රට යන්න, travel කරන්න, business එකක් පටන් ගන්න වගේ දේවල් ගොඩක් එනවා ඇති. සේරම ලියාගන්න. 

ඊලගට කරන්න තියෙන්නේ අරමුනු ප්‍රමඛතාගතකරන එක. ඔයා ලියාගත්ත ලැයිස්තුවෙන් වැඩියෙන්ම අවශ්‍ය එක ඉස්සරහින් අංක එක යොදන්න. ඒ විදියට ඔයාගේ අවශ්‍යතාවය අනුව ප්‍රමුඛතාගතකරන්න. ඔයාගේ ප්‍රමුඛතාවය අනුව 1 2 3 ස්ථාන වලට තමයි ඔයා 2019 වසරෙදි වැඩිම අවදානයක් යොමු කරලා වැඩ කරන්න ඕනි. බලාපොරොත්තු හැමදේම ඉටුකරගන්නත් බෑනේ. ඒ නිසා පලවෙනි 3නට ලොකු අවදානයක් දෙන්න. 

ඒ ප්‍රධාන සිහින 3 වෙන වෙනම අරගෙන එවා ඉටුකරන්න කලයුතු දේවල් ලියාගෙන යන්න. අපේ උදාහරණය විදියට ඔයාට ලබන අවුරුද්දේ MBA එක පටන් අරගෙන ඉවර කරන්න ඕනි. මුලින්ම Research කරන්න. හොයලා බලන්න ලංකාවේ MBA දෙන අධ්‍යපන ආයතන හා සම්බන්ධ විශ්ව විද්‍යාල මොනවද කියලා. ඊටපස්සේ එවට තියෙන World Rank එක හොයලා බලන්න. ඊටපස්සේ MBA කරපු යහලුවන්ගෙන් අහලා බලන්න කොහොමද කියලා. Fee එක, lecturesලා කව්ද, facilities මොනවද කියලා. මේ විදියට 2019 පලවෙනි week එක ඇතුලත research කරලා තොරතුරු හොයාගෙන ඉවර කරගන්න. 

MBA එකකට අවශ්‍ය මුදල් හොයාගන්න විදිය වගේ කාර්යයන්ද ලියාගෙන එවට අවශ්‍ය කාලරාමුවක් දෙන්න.

සිහින හඹායෑම
සැලසුම්කරණයෙන් 50%ක් අරමුණට ලංවෙනවා කියලා කිව්වනේ. ඉතිරි 50% තියෙන්නේ හඹායෑමට. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ටික කාලයක් ගිහින් අරමුණත් අමතක කරලා හඹායෑමත් අමතක වීම. ඔබේ ජිවිතය සාර්ථක කරගැනීමේ වගකීම තියෙන්නේ ඔබටනේ.ඒ නිසා හැමදිනකම නින්දට කලින් ඔයාගේ 2019 සිහින 3නට ලංවෙන්න ඔයා මොනවද අද කලේ කියලා මතක් කරගන්න. මොනවද තව කරන්න තියෙන්නේ කියලත් මතක් කරගන්න. පොතක හො Google Keep,  Evernote වගේ app එකක සටහන් කරගන්නවා නම් ගොඩක් හොදයි. 

ඒවගේම උදේ නැගිටලා මුලින්ම අරමුනට යන්න අද මොනවද කරන්න ඕනි කියලා මතක් කරගන්න. ඒ අනුව දවස සැලසුම් කරගන්න. කාර්යක්ෂම ජිවිතයකට අව්‍ශ්‍ය morning routine එකක් ගැන කටුසටහනින් කරපු වීඩියො එකත් ආයේ බලන්න. ඒ විදියට ජිවිතය හැඩගස්සාගන්න.

කාර්යක්ෂම ජිවිතයකට අව්‍ශ්‍ය morning routine එකක් - https://youtu.be/ljhHXCp1x_M

සිහිනයට ඉන්ධන
සිහිනය ජයගන්න නම් එවෙනුවෙන් යන ගමනෙදි motivation කියන එක ගොඩක් වැදගත්. අභියෝග ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ හැමවිටකම ධනාත්මකව සිතන්න පුරුදු වුනොත් ඔයාට මේ අභියෝග ජයගන්න පුලුවන්. ඉතින් ඔයා කරන්න ඕනි ධනාත්මක සිතුවිලි වැඩිකරන පොත්පත් වීඩියොස් බලන්න. ලෝකය ජයගත්ත මිනිසුන්ගේ කතා කියවන්න බලන්න. මේ දේවල් වලින් ඔයගේ මනස ශක්තිමත්වෙනවා ධනාත්මක වෙනවා.

Steve Jobs - 7 Factors of success - ස්ටීව් ජොබ්ස්ගේ සාර්ථකත්වයේ රහස් 7 - https://youtu.be/wHHjJrrayVU
How Jack Ma became a billionaire - ජැක් මා කෝටිපතියෙකු වුයේ කේසේද? - https://youtu.be/8dWBJ5XrN_w

එවගේම තමන් ආශ්‍රය කරන මිතුරන් හිතවතුන්ගෙ බලපෑමද අරමුණ ජයගන්නට බලපෑම් කරනවා. හොද ධනාත්මක මිතුරන්ගේ ආශ්‍රය ඔබව අරමුණට ලංකරනවා. තමන්ට සහයෝගය දක්වන්න පුලුවන් හොද මිතුරන් හදුනාගන්න. ඔවුනට නිතරම කතාකරන්න. ඔවුනගේ ජිවිතය බෙදාගන්න. ඔබ ගැනත් පවසන්න. හැකි හැමවිටම ඔවුනට උදව් කරන්න. ඔවුන්ගේ ආශ්‍රායෙන් ඔබව තවත් ශක්තිමත් වේවි. සෘණාත්මක ආකල්ප ඇති මිතුරන්ගේ ආශ්‍රය අඩුකර දමන්න. 

මේ විදියට 2019 වසර ගත කරන්න උත්සහකරන්න. 2019 වසර ඔබව සාර්ථකත්වයට ගෙනියන වසරක් වේවා යැයි ප්‍රර්ථනා කරනවා. 

මේවගේ විඩියොස් බලන්න අපේ කටුසටහන් YouTube චැනල් එක Subscribe කරන්න. බෙල් ලකුණ ඔබලා විඩියොස් upload කරපු සැනින් දැනගන්න. එහෙනම් අපි ගියා..



Comments