කාර්යශූර පුද්ගලයෙකු වෙන්න උදැසනින්ම කල යුතු දේවල් 7










අපි දන්නවා Exercise කලොත් ලෙඩ හදාගන්නේ නැතුව ඉන්න පුලුවන් කියලා. හරියට Plan කලොත් දවස  හොදින් ගත කරන්න පුලුවන් කියලා. හැබැයි ඇත්තටම එක වෙන්නේ නැ.. ප්‍රධාන හේතුව අපිට හොද Morning Routine එකක් නැ. එ කියන්නේ අපේ Mind එකෙන් වැඩ ගන්න පුලුවන් හොද ක්‍රම අපි දන්නේ නැ. ඔබ කාර්යශූර පුද්ගලයෙකු බවට පත්කරන සරල උදෑසන දිනචරියාවක් ගැන තමයි අද කටුසටහනෙන් ඔයාට කියලා දෙන්නේ..

1. උදේට නැගිටපු ගමන් වතුර ලීටර් භාගයක් බොන්න
උදේට නැගිටපු ගමන් වතුර ලීටර් භාගයක් අනිවාර්යයෙන්ම බොන්න ඕනි. එක ප්‍රතිඵලදායි පුරුද්ද්ක්. අපි නිදාගෙන උදේට අවදිවන තෙක් ශරීරයට වතුර එකතුවෙන්නේ නැ. එ කියන්නේ පැය 6ත් 10ත් අතර කාලයක් වතුර පෙවෙන්නේ නැ. ඒ නිසාම තමයි වතුර ලීටර් භාගයක් බොන්න කියන්නේ. එහෙම වතුර බිව්වාම ඔබට Fresh ගතියක් දැනේවී. බහිස්ස්‍රවීය පද්ධතියේ ක්‍රියාකාරීත්වයටත් එය ඉතාහොදයි.

2. ව්‍යායාම් කරන්න
උදේට නැගිට්ට ගමන් කම්මැලි ගතියක් ඇලිමැලි ගතියක් දැනෙනවා නේද? හොදම දේ තමයි නැගිට්ට ගමන් පොඩි Exercise එකක් කරන එක. සමහරු Push-Up ගහනවා. සමහරු Streching කරනවා. සමහරු යෝග ව්‍යායාම් කරනවා. සමහරු ඇවිදින්න යනවා. ඔබට ගැලපෙන හොද Exercise එකකින් දවස පටන්ගන්න... දවසෙම ගැම්මෙන් වැඩ කරන්න පුලුවන් වෙයි.

3. සීතල වතුරෙන් නාගන්න
උදේට ව්‍යායාම කරලා ඉවර වුනාම සීතල වතුරෙන් නාගන්න. මෙකට කියන්නේ Cold Shower කියලා. ටිකක් අමාරු වැඩක් තමයි. එවගේම ප්‍රතිඵලත් නියමයි. ඉක්මණින් ඔයාව Fresh වෙනවා. කම්මැලිකම ටික දවසකින් නැති වෙලා යනවා.

4. පොඩි භාවනාවක් කරන්න
උදේට අනාපානසති භාවනාව වගේ පොඩි භවානවක් කරන්න පුරුදු වෙන්න. ඔයාගේ Mind එක Relax වෙනවා. දවසම සිහිබුද්ධියෙන් යුතුව ඉන්නට හැකි වෙනවා. භවනාවෙන් ඔබව කර්යශූර පුද්ගලයෙක් බවට පත්කරනවා.

5. උදේට කෝපි බොන්න
උදේට කෝපි බීමෙන් ශරීරයට ක්ෂණික් උත්තේජනයක් ලැඛෙනවා. එවගේම වතුර රත්වෙන්න තබා තිඛෙන අතර තුර පොඩි පොඩි කුස්සියේ පිරිසිදු කරන වැඩ කරන්න. එවා ඉවර කිරීමෙන්  යමක් කලා වැනි හැගීමක් ඔබට ඇතිවෙනවා. එක හරිම වැදගත්.

6. කියවන්න ලියන්න
කෝපිත් බීලා ඇවිත් ඔබට වෙන්වු සුවිශේෂි කාලයක් වෙන්කරගන්න. ඔබේ දියුණුවට අවශ්‍ය දේවල් කියවන්න. ඔබ කැමති දෙයක් ලියන්න. ඒ මොහොත ඔබටම පමණක් කරගන්න. එය පැයක් වෙන්න පුලුවන්, පැය භාගයක් වෙන්න පුලුවන්,  විනාඩි 20ක් වෙන්න පුලුවන්. නමුත් ඒ වෙලාව ඔබේ. එය වෙලාවෙන් ඵලදායි දෙයක් කරගන්න.

7. දවස සැලසුම් කරගන්න
අද දවසේ කල යුතු වැඩ මොනවද යන්න ලිස්ට් එකක් හදාගන්න. කොලයක් අරන් ලියගන්න. එහෙමත් නැත්නම් Google Keep වගේ To-Do list app එකකට දාගන්න. ඒ Plan  කරපු විදියට දවස ගෙවන්න.

මේ විදියට දවස් 21ක් එක දිගටම කලොත් ඔබට ඔබේ ජිවිතයේ පැහැදිලි වෙනසක් බලාගන්න පුලුවන් වෙයි. එවගේම අනිත් අයටත් ඔබ කාර්යශූර නැවුම් පුද්ගලයෙක් විදියට දැනෙන්න පටන් ගනියි. ඔබ ආකර්ෂනීය පුද්ගලයෙක් බවට පත්වෙයි.

Comments