World Richest Famlies top 10 - ලෝකයේ ධනවත්ම පවුල් 10 - Katusatahan



අද අපි කටුසටහන් තුලින් කතා කරන්නේ ලෝකයේ ධනවත්ම පවුල් 10 ගැනයි..

10. ඛෙටන්කෝට් පවුල
ඛෙටන්කෝට් පවුල සතුව ඇති මුලු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 36. ලෝකයේ ප්‍රකට රූපලවන්‍ය සමාගමක් වන ප්‍රංශයේ ලෝරියාල් සමාගම අයිති මෙම පවුලටයි. ලෝරියාල් සමාගම ආරම්භ කරන්නේ යුජීන් ශූල විසින් 1907දී. ඔහුගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය වන ලිලියන් ඛෙටන්කෝට් විසින් සමාගම පාලනය කල අතර සමාගම ඉහලම තැනකට ගේන්න ඇයට පුලුවන් වුනා. 2017 සැප්තැම්බර් මාසයේ අවුරුදු 94ක් වයස ලිලියන් මියගියා. ඒ වනවිටත් ඇය ලෝකයේ ධනවත් කාන්තාවයි. ඇයගෙන් පසු ඇයගේ දියණිය හා මුණුබුරන් දෙදෙනා ලෝරියාල් ව්‍යාපාරය මෙහෙය වනවා.

9. කොක්ස් පවුල
කොක්ස් පවුලේ මුලු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 41.. 1898 ජේම්ස් කොක්ස් විසින් ඩෙටෝන් ඊවිනින් නිව්ස්  කියන පත්තරය මිලදීගැනීමත් සමග කොක්ස් පවුලේ ව්‍යාපාර අධිරාජ්‍ය ආරම්භ වෙනවා. පත්තර වලින් ටිවි හා රේඩියෝ දක්වා සිය මාධ්‍ය අධිරාජ්‍ය ව්‍යාප්ත කරනවා. ඉන්පසු සන්නිවේදන කර්මාන්තයට යොමුවී කේබල් ටීවි නෙට්වර්ක් එකක් හා බ්‍රෝඩ්බැන්ඩ් සේවා සපයන සමාගමක් ආරම්භ කරනවා. එතැනින් නොනැවති මොටර්වාහන් කර්මාන්තයටද කොක්ස් පවුල සිය ව්‍යාපාර ව්‍යාප්ත කරනවා. ජේම්ස් කොක්ස් මහතාගේ මුනුබුරන් විසින් තමයි දැන් ඔහුගේ ව්‍යාපාර මෙහෙයවන්නේ.

8. කාගීල්-මැක්මිලන් පවුල
මේ පවුල බිලියනපතියන් 14 දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන්ගේ මුලු වටිනාකම ඩොලර් බිලියන 49. කාගීල් ඉන්ක් කියන සමාගමේ 88%ක් කොටස් හිමිකාරත්වයක් තියෙන්නේ කාගීල්-මැක්මිලන් පවුලටයි. ඇමෙරිකාවේ විශාලතම පෞද්ගලික හිමිකාරත්වයක් ඇති සමාගම ලෙසට එය හදුන්වනවා. එහි ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂි වෙලදාම වන අතර ආහාර සැකසුම් ෆාමසුටිකල් වැනි ක්ෂේත්‍ර වලත් කාගීල් සමාගම ව්‍යාපාර සිදුකරනවා. 1865දී ඩබ්ලිව් ඩබ්ලිව් කාගීල් ආරම්භ කල ව්‍යාපාරය මේවන විට වාර්ෂිකව ඩොලර් බිලියන 108ක ආදායමක් ලබනවා. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙ සිටින 17 දෙනාගෙන් 6 දෙනෙක්ම මේ පවුලේ සමාජිකයින්. සමාගමේ ලාභයෙන් 80%ක්ම නැවත සමාගම තුලම ආයෝජනය කරන්න මේ පවුලේ අය තීරනය කරලත් තියෙනවලු.

7. ස්ලිම් හුලු පවුල
මේ පවුලේ ප්‍රධානියා තමයි ලෝකයේ ධනවත්ම මිනිසුන් 10 දෙනාගෙන් කෙනෙකු වන කාලෝස් ස්ලිම් හුලු. මේ පවුලේ මුලු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 68ක්.  කාලෝස් මෙක්සිකෝවේ ධනවත්ම මිනිසාද වෙනවා. දකුනු ඇමෙරිකාවේ විශාලතම ටෙලිකොම් සමාගම වන ඇමෙරිකා මොවිල් සමාගම අයිති හුලු පවුලටයි. එවගේම ඇමෙරිකවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ 17% කොටස් අයිතියක් කාලෝස් ස්ලිම් හුලුට හිමියි.


6. අර්නෝල්ට් පවුල
ලෝකයේ ලොකුම සුඛෝපභෝගී සන්නම් නාම තමයි ඩොම් පෙයෝන්, බොගරි, ලුවී විටෝන්, ටැග් හෝයා. මෙවගේ ප්‍රභල සන්නම් නාම 70ක් අයිති එක් සමාගමකටයි. එකේ නම ඛඪඵ්‍ය. ඒ සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරියා හා ප්‍රධානතම කොටස් හිමියා වන්නේ බර්නාඩ් අර්නොල්ට්. ඔහු ප්‍රංශයේ ලොකුම සල්ලිකාරයා වගේම ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගෙන් කෙනෙක්. ඔහුගේ සහ ඔහුගේ පවුලේ සමාජිකයින්ට අයත් වත්කම් වල වටිනාකම බිලියන 68.5.


5. මාර්ස් පවුල

මාර්ස් කියලා කිව්වොත් ඔබට අගහරු ග්‍රහලෝකය ගැන මතක් වෙනවා ඇති.  ඔබ චොකලට් කන්න ආස කෙනෙක් නම් මාර්ස් චෝකලට් ගැන දන්නවා ඇතිනේ. මාර්ස් චෝකලට් හදන මාර්ස් ඉන්ක් කියන සමාගම අයිති මාර්ස් පවුලටයි. ඒ සමාගමටම තමයි ප්‍රසිද්ධ ස්නිකර්ස් එම් ඇන්ඩ් එම් යන ආහාර වර්ග අයිති. ඔවුන්ගේ මුලු වටිනකම ඩොලර් බිලියන 78ක්.


4. කොක් පවුල
ඇමෙරිකාවේ දෙවෙනියට විශාලම පෞද්ගලික සමාගම කෝක් සමාගමයි. එහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100ක්. මෙම සමාගම අයිති කොක් පවුලේ වටිනාකම ඩොලර් බිලියන 82ක්. 1920දී ෆ්‍රෙඩ් සී කොක් විසින් පහසුවෙන් තෙල් පිරිපහදු කිරීමේ තාක්ෂණයක් හදුන්වා දුන්නා. ඒ හදුන්වාදුන් තාක්ෂණය නිසාම තෙල් කාර්මාන්තයෙ ප්‍රභලයෙක් වන්නට ෆ්‍රෙඩ් සී කොක්ට හැකිවුනා. කොක් ව්‍යාපාරයේ ප්‍රධාන ආදායම් මාර්ගය තෙල් සහ ගෑස්ය. මීට අමතරව ඇගලුම්, ආහාර, නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍ර වලත් ව්‍යාපාර කටයුතු වල නියෙලෙනවා.


3. වෝල්ටන් පවුල
ඇමෙරිකාවේ ධනවත්ම පවුලයි. මොවුන්ගේ වත්කම් වල වටිනාකම ඩොලර් බිලියන 130කි. ලෝකයේ විශාලතම සුපර් මාකට් ජාලය වන වෝල්මාර්ට් හී හිමිකරුවන්ය. වෝල්මාර්ට් යනු ඇමෙරිකාවේ වැඩිම ආදායමක් උපයන සමාගමයි. එහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 480යි. සෑම් වෝල්ටන් හා ජේම්ස් බඩ් යන සහෝදරවරු දෙදෙනා 1962දී වෝල්මාර්ට් ව්‍යාපාරය ආරම්භ කලා. ඔවුන් දෙදෙනා අද මියගියත් ඔවුන්ගේ දරුවන් හා මුනුබුරන් අද ව්‍යාපාරය හොදින් සමගියෙන් පාලනය කරගෙන යනවා. වෝල්මාට් හි අධ්‍යකෂක මන්ඩලයේ වෝල්ටන් පවුලේ අයට අමතරව ඉන්ස්ටග්‍රැම් සම අයිතිකරුවෙකු වු කෙවින් සිස්ට්‍රොම් හා යාහු සමාගමේ ප්‍රධාන විධායිකා මෙරිස්සා මේයර්ස් ද සිටිනවා.


2. අල් සවුද් පවුල
මොවුන්ගේ පවුලේ වටිනාක ඩොලර් ට්‍රිලියන 1.3ක්. සවුදි ආරාබිය පාලනය කරන්නේ සවුද් රජපවුල විසින්. එහි සමාජිකයින් 1000කටත් වඩා සිටිනවා. සමහරුන් ලෝකයේ ලොකුම කෝටිපතියන්. මේ පවුලේ ධනවත්ම සමාජිකයා අල්වලීහ් බින් තලාහ් කුමරුය. ඔහුගේ වත්කම් වල වටිනාකම් ඩොලර් බිලියන 19.5යි. ඔහුට ලෝකයේ වටිනාම ප්‍රයිවට් ජෙට් එකක් හිමියි.


1. රෝස්චයිල්ඩ් පවුල
ලෝකයේ ධනවත්ම පවුල රොස්චයිල්ඩ් පවුලයි. ඔවුන්ගේ මුලු වටිනාකම ඩොලර් ට්‍රිලියන 10. ලංකාවේ මුදලින් රුපියල් ට්‍රිලියන 1500කටත් වඩා වැඩියි. මේ පවුල ගැන වැඩිය කව් රුත් කතා කරන්නේ නෑ. හේතුව ඔවුන් බොහොම නිහඩ ජිවිත ගත කරන නිසා. නිහඩ ජිවීත කිව්වේ සරල ජිවිත නෙමෙයි. ඔවුන් ගැන මාධ්‍ය මගින් වැඩිය කතාකරන්න ඔවුන් ඉඩ තියන්නේ නැ. ලෝකයේ තියෙන ලොකුම ව්‍යාපාර ක්ෂේත්‍රයන් කෙරෙහි රෝස්චයිල්ඩ් පවුලේ බලපෑම ප්‍රභලයි. 1760 මේයර් ඇම්ෂෙල් රොස්චයිල්ඩ් විසින් ජර්මනියේ  ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ බැංකුවක් ආරම්භ කලා. මේ බැංකුව සාර්ථක වු නිසාම ඔහු සිය පුතුන් යුරෝපයේ ප්‍රධාන නගර 5කට බැංකු ආරම්භ කරන්න යොමුකලා. අද එම ව්‍යාපාරය ලෝකයේ ධනවත්ම පවුල බිහිකරන්න සමත් වෙලා තියෙනවා. බැංකු ක්ෂේත්‍රයට අමතරව ඔවුන් දේපල වෙලදාම්, කැනීම්, බලශක්ති, කෘෂිකර්මය වැනි ප්‍රභල ක්ෂේත්‍ර වලට සිය ව්‍යාපාර ව්‍යාප්ත කර තිඛෙනවා.




Comments