Steve Jobs - 7 Factors of success - ස්ටීව් ජොබ්ස්ගේ සාර්ථකත්වයේ රහස් 7 - Katusatahan




සීඩි තැටියකට සීමාවෙලා තිබුනු සංගීත ක්ෂේත්‍රය වෙනස් කල අයි පොඩ් උපකරණය හා අයි ටියුන්ස් ලෝකයටම හදුන්වා දුන්නේ ඔහුය. ලොකයේ ජිවත්වන බොහෝ මනුෂයින්ගේ ජීවන ශෛලිය වෙනස්කල අයි ෆෝන් හා අයි පෑඩ් උපකරණ වල නිර්මාතෘ ඔහුය. ටෝයි ස්ටෝරි, කාර්ස්, කොකො, ඉන්ක්‍රෙඩිබල්ස් වැනි ජන්ප්‍රිය කාටූන් චිත්‍රපටි හදපු පික්සා සමාගමේ නිර්මාතෘ ඔහුය. ලෝව ප්‍රකට ඩිස්නි චිත්‍රපටි සමාගමේ ලොකුම තනි පුද්ගල කොටස් හිමියා ඔහුය. අද අපි කතා කරන්න යන්නේ ලෝකය වෙනස්කල ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ සාර්ථකත්වයේ රහස් 7ක් ගැනය.


1. තමන් කැමතිදේ කැමැත්තෙන් කරන්න

ඔබ කැමතිදේ කරන්න. ඔබ කරන්න කැමතිදේ ඔබගේ රැකියාව හෝ ව්‍යාපාරය කරගන්න. එතකොට තමයි ඔබ ඒ දේ හරියට කරන්නේ. තමන් කරන දෙය කැමැත්තෙන් නොකරන තැනැත්තා ඒදෙය හරියට නොකරයි. උනන්දුවෙන් නොකරයි. ඉක්මණින්ම ඒදෙය අතහරින්නට බලයි. දෙයක් කැමැත්තෙන්ම කරන තැනැත්තා කිසිදාක ඒදෙය අත්නොහරියි. සාර්ථක වන තුරුම සටන් කරයි. ස්ටිව් ජොබ්ස්ට අනුව එවැනි පුද්ගලයින් ලෝකය වෙනස්කරයි. ඔබ කැමතිමදේ සොයාගන්නා තුරු සටන අත්නොහරින ලෙස ස්ටිව් ජොබ්ස් වරක් පැවසුවා


2. කන්ඩායම් හැගීම

ස්ටීව් ජොබ්ස් කියපු දෙයක් තමයි හොද කන්ඩායමක් නැත්නම් හොද නිෂ්පාදනයක් බිහිකල නොහැකිය යන්නයි. ඔබට ලෝකය වෙනස්කරන අදහසක් සංකල්පයක් තිඛෙන්නට පුලුවන්. නමුත් ඔබට ඒදෙය තනියෙන් කල නොහැකියි. ඔබට ඒ සදහා කන්ඩායමක් අවශ්‍ය. කන්ඩායම් හැගීමෙන් ක්‍රියාකිරීමට අවශ්‍යයි. උදාහරණයක් ලෙස ස්ටීව් ජොබ්ස් බීටල්ස් සංගීත කන්ඩායම ගැන පවසයි. ඔවුන් එකට සිටිමින් ඉදිරිපත් කල ගීත ලෝකය පුරා ජනප්‍රිය වුනත් වෙන්ව ගොස් ඉදිරිපත් කල ගීත ඒ තරම්ම ජනප්‍රිය නොවුනු බව ස්ටීව් ජොබ්ස් පවසයි.


3. අතීතය නෙමෙයි අනාගතය ගැන හිතන්න

ස්ටීව් ජොබ්ස් අවුරුදු 12 කට පසු නැවත ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වීමෙන් පසු කල එක් දෙයක් වුයේ ඇපල් සමාගමේ නිෂ්පාදන පෙල වෙනස් කිරීම. පරණ නිෂ්පාදන බොහෝමයක් ඉවත් කල ඔහු පරිගණක 4ක් පමණක් නිෂ්පාදනය කරන ලෙස සමාගමට නියෝග කලා. මේ නිසා බොහෝ පිරිස් වලට රැකියාවන් පවා අහිමි වුනා. සමහරුන් යෝජනා කලේ අතීතයේ සිටම සමහර නිෂ්පාදන සිදුකර ඇති නිසා එවා වෙනස් නොකරන ලෙසයි. මෙහිදි ජොබ්ස් පැහැදිලිවම කියා සිටියේ අතීතයෙ සිදුවු දේවල් අතීතයෙම තබා අනාගතයට අවශ්‍ය දේවල් ගැන සිතමින් සැලසුම් සහගතව අද වැඩ කරන ලෙසයි. හැමවිටම අනාගතය ගැන දැක්මක් හා ඊට අනුකූල සැලැස්මක් ගොඩනාගාගන්න. අතීතයෙන්. එය අද සිටම ක්‍රියාවේ යොදවන්න.


4. ජිවිතය සීමා කරගන්න එපා

බොහෝ දෙනෙකුගේ ජිවන චක්‍රය තමයි හොදින් ඉගෙන ගෙන හොද රැකියාවක් කරලා හොද වාහනයක් අරගෙන ලස්සන ගෙයක් හදලා කසාදයක් බැදලා ළමයි හදලා ළමයින්ටත් හොද අනාගතයක් හදලා දීල පිනක් දහමක් කරලා මිය යන එකනේ. ස්ටීව් ජොබ්ස්ට අනුව එක සාමන්‍ය ජිවිතය. ඔබ ස්මාට් නම් ජිවිතය එසේ සීමා කරගන්න එපා. ලෝකය වෙනස්කරන්න පුලුවන් විදියේ වැඩක් කරන්න. මනුෂ්‍ය ජිවිත වලට පහසුවෙන් දෙයක් කිරීමට උදව් වෙන දෙයක් හොයාගන්න. නිකම්ම ජිවත්වෙලා මැරිලා යන්න එපා.


5. හැමදේම සිදුවන්නේ හොදට බව සිතන්න

ඔහුට අවුරුදු 30දි ඔහු බිහි කල ඇපල් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඔහුව ඉවත් කිරීමට සමාගම තීරණය කරනවා. නැවත අවුරුදු 12කට පසු ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඔහුව ඇපල් සමාගම තෝරාගන්නවා. ඔහුව ඉවත්කල පසු ජොබ්ස් ඔහුගේ ඇපල් සමාගමේ කොටස් විකුණා දමා නෙක්ස්ට් යන නමින් වෘත්තිකයන් සදහා පරිගනක නිෂ්පාදනය කරන සමාගමක් ආරම්භ කරනවා. එවගේම ප්‍රකට සිනාමවේදි ජෝර්ජ් ලුකාස්ගේ පාඩු ලබන නිෂ්පාදන සමාගමක් මිලටගෙන එය පික්සා නමින් කාටූන් චිත්‍රපටි නිෂ්පාදනය කරන සමාගමක් බවට පත් කරනවා. එම සමාගම හරහා ත්‍රිමාණ කාටූන් චිත්‍රපටි නිෂ්පාදනය කිරීම ආරම්භ කරනවා. ටොයි ස්ටොරි නම් කාටුන් චිත්‍රපටිය එලියට එන්නේ එම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් විදියට.

ඇපල් සමාගමෙන් ස්ටීව් ජොබ්ස් ඉවත් වු පසු ඇපල් සමාගමේ පාලනාධිකාරියට බැන බැන හිටියා නම් ඔහුට කවදාවත් නෙක්ස්ට් හා පික්සා සමාගම් ආරම්භ කරන්න හැකිවෙන්නේ නැ. හැමදේම සිදුවන්නේ හොදට බව සිතු නිසා ලොක ප්‍රකට චිත්‍රපටි පවා නිර්මාණය කරන පික්සා සමාගම බිහි කරන්න ස්ටීව් ජොබ්ස්ට හැකි වුනා.


6. ගුණාත්මක භාන්ඩා හා සේවා නිෂ්පාදනය කරන්න

ස්ටීව් ජොබ්ස් කියන විදියට සිය වෙලද ප්‍රචාරණයට තත්වයෙන් උසස් කොලිටි කියන වචනය පාවිච්චි නොකරන ලෝකයේ එකම ජාතිය ජපන් ජාතිකයන්ලු. අනිත් හැම රටකම මිනිසුන් තමන්ගේ නිෂ්පාදන තත්වයෙන් උසස් යැයි කියන විට ජපන් ජාතිකයන් තමන්ගේ නිෂ්පාදනයෙන් සිදුවෙන දෙය පමණක් පෙන්වයි. තමන්ගේ නිෂ්පාදන හා සේවා තත්වයෙන් උසස් යැයි කිව යුත්තේ එය භාවිතා මිනිසුන්ය. වෙලද ප්‍රචාරණ උපක්‍රමයක් විදියට තමන් ලග තත්වයෙන් උසස් භාන්ඩ හා සේවා තියෙනවා කියලා කිව්වට වැඩක් නැ ඇත්තටම එවා පාරිභෝගිකයින් ප්‍රතික්ෂේප කරනවා නම්. එවගේම කාලයට ගැලපෙන අලුත් නිෂ්පාදන හා සේවා ඉදිරිපත් කිරීම ගුණාත්මක භවේ කොටසක් ලෙස සලකන ලෙසද ස්ටීව් ජොබ්ස් කියයි.


7. තරගකරුවන්ගේ හොද දේවල් අගය කරන්න. ඔවුන්ගෙන් ඉගෙනගන්න.

තරගකරුවන් හොද දෙයක් කල විට ඔවුන්ව අගය කරන්න. බොරුවට විවේචනය කරන්න එපා. ඔවුන් කල දේවල් ගැන හොයලා බලලා ඔබත් ඔවුන්ගෙන ඉගෙන ගන්න. ස්ටීව් ජොබ්ස් මයික්‍රොසොෆ්ට් හිමිකරු බිල් ගේට්ස්ගෙන් ඉගෙනගත් දේ බොහෝ බව ඔහු පවසයි.

Comments