අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවද? - Real truth of Interim Report For A New Constitution in Sri Lanka - Katusatahan




2016 වසරේ ජනාධිපතිවරයාගේ යෝජනාවක් අනුව රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් හදා ගැනීම සදහා පාර්ලිමේන්තුව තුල අලුත් ව්‍යවස්ථා කමිටුවක් පත්කලා. වසරක් පුරා රට පුරාම ගොස් අදහස් එකතු කරලා මේ කමිටුව අතුරු වර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. එම වාර්තාව රැගෙන බොහොදෙනා නොයෙක් නොයෙක් දේවල් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. අදටත් ඇත්තටම මේ වාර්තාවේ මොකක්ද තියෙන්නේ කියලා රටේ බොහෝදෙනා දන්නේ නැ. ලංකාවේ ජනමාධ්‍ය, මේ වාර්තාවේ ඇත්තටම තියෙන දේවල් වලට වඩා පෙන්නුවේ එක එක අය එක එක තැන්වල කියපු දේවල්. අපි අද කටුසටහනින් කියන්නේ අතුරු වාර්තාවේ ඇත්තටම තියෙන දේවල් ගැන.

1. ව්‍යුහය හා කමිටු
2016 මාර්තු මස 9 වන දින සම්මත කළ යෝජනාවක් අනුව  පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම එකතුවෙන් හැදුවා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය කියලා ආයතනයක්. එහි සභාපතිත්වය දරන්නේද ගරු කතානයකතුමන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ නියෝජ්‍ය කාරක සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 7 දෙනෙක් තෝරා පත්කර ගත්තා.

1. ගරු තිලංග සුමතිපාල මහතා
2. ගරු සෙල්වම් අඩෛකලනාදන් මහතා
3. ගරු කබීර් හෂීම් මහතා
4. ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
5. ගරු තිලක් මාරපන මහතා
6. ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
7. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා

ගරු තිලංග සුමතිපාල මහතා
ගරු සෙල්වම් අඩෛකලනාදන් මහතා
ගරු කබීර් හෂීම් මහතා
ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
ගරු තිලක් මාරපන මහතා
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
ගරු නලින්ද ජයතිස්ස මහතා


ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මන්ඩලය නව ව්‍යවස්ථාවක් හදා ගැනීම සදහා මෙහෙයුම් කමිටුවක් පත් කලාග එයට  සභාපතිවරයා විදියට පත්වුයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. එහි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජනය වන පරිදි සමාජිකයින් 20 දෙනෙකු පත් කරගත්තා.


ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (එජාපෙ )
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා (එජානිස )
ගරු රවුෆ් හකීම් මහතා (එජාපෙ )
ගරු (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතා (එජාපෙ )
ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා (එජානිස )
ගරු රිෂාඩ් බතියුදීන් මහතා (එජාපෙ )
ගරු පාඨලී චම්පික රණවක මහතා (එජාපෙ )
ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා (එජාපෙ )
ගරු මනෝ ගනේෂන් මහතා (එජාපෙ )
ගරු මලික් සමරවික්‍රම මහතා (එජාපෙ )
ගරු ඉරාජවරෝදයම් සම්බන්දන් මහතා (ටි එන් ඒ )
ගරු අනුර දිසානායක මහතා (ජවිපෙ )
ගරු ඩිලාන් පෙරේරා මහතා (එජානිස )
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා (එජානිස )
ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා (එජානිස )
ගරු එම්.ඒ. සුමන්තිරන් මහතා (එජානිස )
ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය (එජාපෙ )
ගරු බිමල් රත්නායක මහතා (ජවිපෙ )
ගරු ප්‍රසන්න රණතුංග මහතා (එජානිස )
ගරු ඩග්ලස් දේවානන්ද මහතා (ඊපිඩිපි )

මේ මෙහෙයුම් කමිටුවට සහය දැක්වීම සදහා මූලික අයිතිවාසිකම්, අධිකරණය, නීතිය හා සාමය, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය සේවා සහ මධ්‍යම ආණ්ඩුව සහ පලාත් සභා අතර සබඳතාව යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තවත් කමිටු හයක් හැදුවා. මේ හැම අනුකමිටුවකටම සභාපතිවරයා ඇතුලු 11 සමාජිකයින් දෙනෙක් සිටී.

මූලික අයිතිවාසිකම් - ගරු මහින්ද සමරසිංහ මහතා (සභාපති)
අධිකරණය - ගරු රවුෆ් හකීම් මහතා (සභාපති)
නීතිය හා සාමය - ගරු සාගල රත්නායක (සභාපති)
රාජ්‍ය මූල්‍ය - ගරු බන්දුල ගුනවර්ධන මහතා (සභාපති)
රාජ්‍ය සේවය - ගරු ඒ. ඩි. සුසිල් ප්‍රේමජයන්ත මහතා (සභාපති)
මධ්‍ය-පර්යන්ත සබඳතා - ගරු ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා (සභාපති)


2. එකීය රාජ්‍ය
මේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව එකීය රාජ්‍යයක් බවට ප්‍රකාශ කරලා තියෙනවාග එකීය යනු නොඛෙදුනු හා කිසිදා ඛෙදිය නොහැකි රාජ්‍යයක් ලෙස අර්ථ දක්වා තියෙනවා. මේ වාර්තාවට අනුව එය එකීය රාජ්‍ය කියන වචනයට වඩා බලවත් ස්ථාවර වචනයක් ලෙස තමයි අර්ථ දක්වලා තියෙන්නේ. එය දෙමල බසින් ඔරුමිත්ත නාඩු ලෙස හැදින්වේ. එකාබද්ධ විපක්ෂය චෝදනා එල්ල කරන්නේ මෙන්න මේ දෙමල වචනයටය.

තවද මේ වර්තාවේ සිංහල ජනතාව ෆෙඩරල් යන වචනයට වගේම දෙමල ජනතාව එකීය යන වචනයටද බියක් දක්වන බව දක්වා තියෙනවා. එවගේම ශ්‍රී ලංකාව එකීය රාජ්‍යයක් ලෙස පිලිගන්නා බව මේ වර්තාව හරහා දෙමල ජාතික සංධානය ප්‍රකාශ කරලා තියෙනවාග ශ්‍රී ලංකාව එකීය රාජ්‍යයක් ලෙස පිලිගන්නවා -දෙමල ජාතික සංධානය-

ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් ඇතිවීමේ ඉඩකඩ අහුරා ලීමට වෙනම ඡේදයක් මෙහි අඩංගු කරලා තියෙනවා.

3. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය
මේ වර්තාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී ඇති අතර බුද්ධාගම පෝෂණය කිරීම රජයේ වගකීමක් ලෙසද දක්වා තියෙනවා.

4. ජාතික ගීය වර්තමානයේ අපි භාවිතා කරන ශ්‍රී ලංකා මාතා/ශ්‍රී ලංකා තායේ ගීය ලෙස පිලිගෙන තියෙනවා.

5. ජාතික කොඩිය ලෙස වර්තමානයේ අපි භාවිතා කරන සිංහ කොඩියම පිලිගෙන තියෙනවා.

6. ජාතික දිනය පෙබරවාරි 4 වෙනිදා ලෙස පිලිගෙන තියෙනවා.

7. බලය ඛෙදීම

මේ අතුරු වාර්තාවේ වඩාත්ම කතාබහට ලක්වෙන මාතෘකාව වුනේ බලය ඛෙදීමයි. මුලිකවම මෙහෙයුම් කමිටුවත් අනු කමිටුත් මහජන අදහස් කමිටුවත් එකමතිකව පලාත් සභා සදහා බලය ඛෙදීම සුදුසු බව පිලිගෙන තියෙනවා. බොහෝ මහජන අදහස් ලැබී තිඛෙන්නෙත් බලය ඛෙදීම සදහාය. එකාබද්ධ විපක්ෂය බලය ඛෙදීමට විරුද්ධයි කියා මාධ්‍යට පෙන්නුවද එම කන්ඩායමේ මේ කමිටු නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම්, ප්‍රසන්න රණතුංග උදය ගම්මන්පිල වැනි මන්ත්‍රීවරුන් පලාත් සභාවලට බලය ඛෙදිය යුතු බව කමිටුව් ඉදිරියේ පිලිගෙන තිඛෙනවා.

මේ වාර්තාව අනුව බලය ඛෙදෙන්නේ ස්ථර 3නකටය
මධ්‍යම රජය, පලාත් සභා සහා පලාත් පාලන ආයතන (නගර හා ප්‍රදේශීය සභා)

පලාත් සභා සදහා මේ යොජනා ඇතුලත් කර තිඛෙනවා
පලාත් සභා තුල සියලු ජනවර්ග වල අයිතීන් රැකිය යුතුයි
පලාත් සභා එකාබද්ධ කරනවා නම් දැනට ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල වලට අමතරව අදාල පලාතේ ජනමත විචාරණයක්ද පැවැත්විය යුතුයි.
උතුරු නැගෙනහිර එකාබද්ධ කල යුතුයි.
කිසිදු පලාතක් එකාබද්ධ කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩ නොදිය යුතුයි.

මීට අමතර ඛෙදී වෙන් වී යාම වලක්වා ලීමට මේ වගන්තියද එකතු කර ඇත.
ලශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් කිසිම කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හෝ එයට පක්ෂව කතා කිරීමට හෝ ශ්‍රී ලංකාවේ පළාතක් හෝ එයින් කොටසක් හෝ වෙන් කිරීමට හෝ කිසිම පළාත් සභාවක් හෝ වෙනත් අධිකාරියක් කටයුතු නොකළ යුතුයල

ජාතික ප්‍රතිපත්ති ප්‍රමිති හා නීතිරිති පැනවීම මධ්‍යම රජය සිදුකරන අතර එම නීතිරිති රකිමින් ඊට අනුකුල වෙමින් පලාත තුල විධායක හා පරිපාලනය ක්‍රියාත්මක කිරීම පලාත් සභාව විසින් සිදු කිරීමට යෝජනා කර ඇත. පාලාත් පාලන ආයතන වලට නීති පැනවීමට නොහැක.



8. පාර්ලිමේන්තු සංයුතිය හා මැතිවරණ ක්‍රමය

කොට්ඨාස හා සමානුපාතික යන දෙකම මිශ්‍ර වු මැතිවරණ ක්‍රමයක් යොජනා කරලා තියෙනවා. මේකට අනුව කොට්ඨාස ක්‍රමය යටතේ මන්ත්‍රීවරු 140ක් හා සමානුපාතික ලෙස මන්ත්‍රීවරු 93 පත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ මුලු මන්ත්‍රී සංඛ්‍යාව 233ක් බවට පත් වෙනවා. මීට අමතර පාර්ලිමේත්තුවේ දෙවන මන්ත්‍රණ සභාවක් ඇති කරන්නට නියමිතයි. එහි සමාජිකයින් 55කගෙන් සමන්විත වේ. එයින් 45ක් පලාත් සභාවෙන් පත්වෙන විට 10ක් පාර්ලිමේන්තුවෙන් පත් කරයි.

ඡන්දදායකයාට සිය මැතිවරණ කොට්ඨාසය සදහා ඡන්ද දෙකක් ලැබේ. එකක් පක්ෂයට හා අනික අපේක්ෂකයාටය.

කොට්ඨාසට පත්වු මන්ත්‍රීවරයකු පක්ෂයෙන් නෙරපා හැරිය විට අලුත් මන්ත්‍රීවරයෙක් තෝරාගන්නට අතුරු මැතිවරණයක් පැවැත්වීය යුතුය. මන්ත්‍රීවරයකු මියගිය විට හෝ ඉල්ලා අස්වු විට පක්ෂයට කැමති කෙනෙකු තොරාගත හැක.

අගමැතිවරයා තොරාපත් කරගැනෙන ක්‍රම 3නක් යෝජනා කර ඇත.
1. ඝෘජුව ඡන්දයකින් අගමැතිවරයා තොරාගැනීම.
2. පූර්ව නම් කිරීමකින් තොරාගැනීම.
3 වෙස්මිනිස්ටර් ක්‍රමය

ජනාධිපතිවරයා තොරාපත් කරගනනේ පාර්ලිමේන්තුව විසින්

මේ වගේ තවත් වැදගත් කරුණු ගණනාවක් මේ අතුරු වාර්තා ලියවිල්ලේ දක්වා තිඛෙනවා. ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ වෙබ් අඩවියට පිවිසුනොත් ඔබට මේගැන ගොඩාක් තොරතුරු දැනගන්න පුලුවන්.
මේ වාර්තාව ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.

මේවගේ වීඩියෝස් හැමදාම බලන්න ඕනි නම් කටුසටහන් යූටියුබ් චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ සබ්ස්ක්‍රයිබ් බට්න් එකට එහායින් තියෙන සීනුව ලකුණ ඔබලා අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු සැනින් ඒ ගැන දැනගන්න.

Comments