ජිවිතය දිනන හොද පුරුදු 3 - Best 3 Habits To Life - Katusatahan



අද කටුසටහන පටන් ගන්න කලින් පොඩි කතාවක් කියලා ඉන්නම්. සුමුදු කියල අවුරුදු 29ක් විතර වයස කොල්ලෙක් හිටියා. එයා සිගරට් බොන්න ඇබ්බැහි වෙලා හිටියේ. දවසකට සිගරට් හයක් හතක් බොනවා. එයා ඇගෙන් ෆිට් කෙනෙකුත් නෙමෙයි. ටිකක් මහතයි. රස්සාවත් කලේ ඕනාවට එපාවට. ජිවිතේ ගැන ලොකු උනන්දුවක් තිබුනේ නැ. මෙහෙම හිටපු සුමුදු කොහොම හරි මහන්සි වෙලා ලස්සන ගෑණු ළමයෙක් එක්ක යාලු වුනා. මේ ගැහැණු ළමයා සුමුදුට කිව්වා සිගරට් බොන එක නවත්තන්න කියලා. සුමුදු අමාරුවෙන් සිගරට් බොන එක නැවැත්තුව. එහෙම නවත්තලා සුමුදු නිකන් හිටියෙ නැ. එයා ජිම් යන්න පටන් ගත්තා. බරත් අඩුකරගෙන ඇගත් ලස්සනට හදාගත්තා. ඔෆිස් එකෙත් වැඩ ටික ටික දියුණු කරගත්තා. හොද ප්‍රමෝෂන් එක්කුත් හම්බවුනා.

දැන් ඔයාලට හිතෙනවා ඇති කෙල්ලෙක් සෙට් වුන නිසා තමයි සුමුදු හැදුනේ කියලා. එක වැරදියි. ඒ ගැහැණු ළමයගේ බලපෑමක් තිබුනා සිගරට් බොන එක නවත්තන්න. සුමුදු සිගරට් බොන එක නවත්තලා විතරක් හිටියා නම් සුමුදු හැදෙන්නේ නැ. එයා එක නවත්තලා ජිම් යන්න පටන්ගත්තා. මේ කතාවෙන් කියන සරල සත්‍ය මෙච්චයි. නරක පුරුද්දක් නවත්වන කොට හොද පුරුද්දකට ඇබ්බැහි වෙන්න. එතකොට තමයි ගොඩ යන්න පුලුවන්. ජිවිතය දිනන්න පුලුවන්.

එහෙනම් අද කටුසටහන් තුලින් ජිවිතය දිනන හොද පුරුදු 3න ගැන හොයලා බලමු

1. කියවීම
කියවීම මිනිසා සම්පුර්න කරයි කියලා කියමනක් තියෙනවනේ. කියවීමෙන් ඔබේ දැනුම වර්ධනය වෙනවා. ඔබේ චින්තනය පුලුල් කරවනවා. අපි ඉස්කෝලේ යන කාලේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අවාසනාවකට අපි ඉගෙනගත්ත දේවල් වලින් 95%ක්ම අපේ ප්‍රයෝගික ජිවිතය ගොඩ දාගන්න අවශ්‍ය දේවල් නෙමෙයි. සමාජය තුල ජිවත්වෙන්න අවශ්‍ය මුලික දැනුම අපගේ පාසල් වලින් ලැඛෙන්නේ අඩුවෙන්. එනිසා ධනාත්මක සිතුවිලි වර්ධනය කරගෙන ජිවිතය ලස්සන කරගන්න පුලුවන් දැනුම දෙන දේවල් කියවන්න.

ඔබ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න හැටි ගැන තියෙන පොතක් කියෙව්වොත් ඔබට ඔබගේ ආත්ම විශ්වාසය වැඩි කරගෙන ධනාත්මකව ජිවිතයට මුහුණ දෙන හැටි ඉගෙනගන්න පුලුවන් වෙයි.  ඔබ ධනවතෙකු වෙන හැටි ගැන කියවෙන පොතක් කියෙව්වොත් ඔබට මුදල් හරි විදියට පරිහරණය කරලා දියුණු වෙන හැටි ඉගෙන ගන්න පුලුවන් වෙයි.

එවගේ පොත් පත් ලිපි විඩියෝ හොයාගෙන බලන්න කියවන්න. ඔබගේ දැනුම වැඩි දියුණු කරගන්න.


2. භාවනාව

භාවනාව පුරුදු කරගන්න ඔබට හැකි නම් එය ඔබගේ හොදම පුරුද්ද  බවට පත්වෙයි. ඒ තරම්ම භාවනාව වැදගත්. භාවනාවෙන් ඔබගේ සිත පාලනය කරගැනීමට ටිකටික පුරුදු කරනවා. ඔබගේ අනවශ්‍ය හැගීම් ආවේගයන් පාලනය කරගැනීමට භාවනාව උපකාරී වෙනවා. අපි ජිම් එකකට ගිහින් ඇග හදාගන්න එක්සසයිස් කරනවා වගේ භාවනා කිරිමෙන් සිතුවිලි ආකල්ප වර්ධනය කරගන්න පුලුවන්.

වර්තමාන ලෝකයේ මිනිසුන්ට කරන්න අපහසුම දෙය තමයි තමන්ගේ අවධානය එකතැනක තබා ගැනීම. ඔබ භාවනා කිරීම මගින් ඔබගේ අවදානය වර්තමාන මොහොතේ තබාගැනීමට ඔබව පුරුදු කරනවා. භාවනාව පුරුදු කරගත් බොහොදෙනෙකු කියන  දෙයක් තමයි ඔවුන් වැඩ කරන විට පුර්ණ අවදානයකින් වැඩ කල හැකියි කියලා. කලින්ට වඩා තමන්ට සාර්ථකව වැඩ කරගන්න පුලුවන් කියලා භාවනාව පුරුදු වෙන අය කියලා තියෙනවා.

එවගේම භාවනාව කරන කොට ඔබට ජිවිතයේ සැහල්ලු බවක් දැනෙනවා. කොච්චර කලබලකාරී වටපිටාවක ඔබ සිටියත් වෙනදාට වඩා සැහල්ලු බවක් ඔබට දැනෙයි. භාවනාව පුරුදු කරගන්න අමාරුම වගේම වටිනාම ජිවින පුරුද්දක්.


3. කායවර්ධනය (දිවීම, බර ඉසිලීම, පිහිනිීම)

සතියකට අවම වශයෙන් දවස් තුනක් වත් අවම දවසකට පැය භාගයක්වත් ව්‍යායාම කරන්න. එවගේම තමයි ඩයට් කරන එක. නිසි පරිදි ආහාර පාලනය කරගෙන ව්‍යායාම කිරිමෙන් පමනයි නිරෝගී ඒ වගේම හැඩකාර ඇගක් හදාගන්න පුලුවන් වෙන්නේ. ඔබට වැඩකරන විට කම්මැලිකමක් ඇනුම් යන ගතියක් නිදිමතක් දැනෙනවා ඇති. ව්‍යායාම හා නිවරදි ආහාර පාලනයක් නැති නිසා තමයි එහෙම වෙන්නේ. ඔබ එක්සසයිස් හා ඩයට් කරන එක හරියට කලොත් ඔයාට ජිවිතයෙ ලොකු වෙනසක් දැනෙවි. යකා වගේ දුවලා පැනලා කම්මැලි නැතිව වැඩ කරන්න පුලුවන් කියලා ඔබට දැනේවි. ඔබගේ වැඩ කිරිමේ හා සිතීම හැකියාවද දියුණු වේවි.

ජිවිතයට වටිනාම පුරුදු 3නෙන් එකක් ඔබ මේ මොහොතේ තෝරාගන්න. මාසයක් පුරාවට එක දිගටම ඒ පුරුද්ද විතරක් පුරුදු වෙන්න. එවිට එය ඉබේම ඔබ අතින් සිදුවන දෙයක් බවට පත්වේවි. ඉන්පසු තව පුරුද්දක් තෝරාගෙන එය පුරුදු කරගන්න.

මේවගේ වීඩියෝස් හැමදාම බලන්න ඕනි නම් කටුසටහන් යූටියුබ් චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ සබ්ස්ක්‍රයිබ් බට්න් එකට එහායින් තියෙන සීනුව ලකුණ ඔබලා අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු සැනින් ඒ ගැන දැනගන්න.



Comments